සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්


විඩීයෝ සහ අමතර කියවීම් පොත් පරිශිලනය කරමින් සටහන සම්පූර්ණ කරන්න.

මෝටර්රරථ ජව සම්ප්‍රේෂණ පද්ධතියේ් ක්‍රියාකාරීත්වය 



සම්ප්‍රේෂණ පද්ධතියක අවශ්‍යතාවය
  1. ·         එන්ජිම හා එළවුම් රෝද අතර සම්බන්ධතාවය ඇති නැති කිරීම
  2. ·         එන්ජිම ක්‍රියාකාරීත්වයේ පවතින අවස්ථාවේ එළවුම් රෝද ගැස්සීමකින් තොරව මෘදුව එන්ජිම හා සම්බන්ධ කිරීම
  3. ·         එළවුම් රෝද වල වේගයන් වෙනස් කිරීම
  4. ·         එන්ජිම හා එලවුම් රෝද අතර සාපේක්ෂ චලිතයක් ඇති කිරීම


ක්ලචය
ක්ලචයක කාර්යය

 ක්ලච් වර්ග
                           වියලි ක්ලච්                                             
                                      - කේතු
                                      - තැටි
         ·         දගර දුනු ක්ලච්
         ·         ප්‍රාචීර දුනු ක්ලච්
                                     -කේන්ද්‍රාපසාරී
                          තෙත් ක්ලච්                                             
                                     - බහු තැටි
                                     - ද්‍රාව
                                          *දියර ගුරු රෝදය
                                          * ඇඹරුම් පරිවර්ථකය  
ප්‍රචීර දුනු ක්ලචය


ප්‍රචීර දුනු ක්ලචයක කොටස්                                                            
       


      ප්‍රාචීර දුනු ක්ලචයක් ක්‍රියාකරන ආකාරය විස්තර කරන්න.


     ඝර්ෂණ පුවරු සහ දගර දුනු යෙදීමෙන් බලා පොරොත්තු වන්නේ කූමක්ද? 
        
     ක්ලච් පාදිකයේ නිදහස් බුරුල

ක්ලච් පාදිකය මුදා හැර ඇති විට මිදුම් ලීවර තැටියත් මිදුම් බෙයාරිමත් අතර යම් ඉඩක් ඇත.(මිදුම් බෙයාරිම හා තැටිය නිකරුනේ ඇතිල්ලීම වැලැක්වේ) මෙම ඉඩ නිසා ක්ලච් පාදිකය පෑගීමේදී එම ඉඩ ප්‍රමාණය පාදිකය නිදස්ව චලනය වන අතර එම දුර නිදහස් බුරුල ලෙස හැදින්වේ.
මෙවැනිි ක්ලච් වල ඇති විය හැකිි සරල දෝෂ සහ ඒවාට හේතු ලැයිස්තු ගත කරන්න. 


දියර ගුරු රෝදය


      එන්ජිම සෙමෙන් කැරකැවෙන විට ජව රෝදයට දෘඩව සම්බන්ධව ඇති එළවුම් කොටසද සෙම්න් කැරකැවේ.

      තමුත් එය ද්‍රවයට ප්‍රමාණවත් බලයක් ලබාදීම සදහා ප්‍රබල නොවීම නිසා මෝටර් රථය චලනය නොවේ.
      එන්ජිමේ වේගය වැඩිවත්ම එලවුම් කොටසේ වේගයද වැඩි වන නිසා ඇතුළත ඇති ද්‍රවය එළැවෙන කොටසේ ඇති පෙති මත බලයක් ඇති කිරීම හේතුවෙන් එළවෙන කොටසද කැරකීමට පටන් ගනී.
      එන්ජිමේ ඇති කරනු ලබන ව්‍යාවර්ථය මෙම ද්‍රවය අනුසාරයෙන් ගියර පෙට්ටිය තුලට සම්ප්‍රේෂණය කෙරේ.
      එන්ජිමේ වේගය වැඩිකල විට එලවෙන කොටස වෙතට ලැබෙන ව්‍යාවර්ථය වැඩි වුවද ද්‍රවයන්හි ඇති ලක්ෂණ හේතුවෙන් ව්‍යාවර්ථය සම්පූර්ණයෙන්ම සම්ප්‍රේෂණය නොවේ.
  
        ව්‍යාවර්ථ පරිවර්ථකය



          ක්‍රියාකාරීත්වය ගියර ගුරු රෝදයටම බොහෝ සෙයින් සමාන වේ.
          පොම්පය හෙවත් පොළඹනය ජව රෝදයට දෘඩව සම්බන්ධ කර ඇති අතර එන්ජිම ක්‍රියාත්මක වූ විට ඒ සමගම පොළඹනයද භ්‍රමණය වේ. නමුත් එම වේගය ඇතුලත ඇති ද්‍්‍රවය මත කේන්ද්‍රාපසාරී බලයක් ඇති කිරීමට තරම් ප්‍රභල නොවේ.
      එන්ජිමේ වේගය වැඩිවත්ම පොළඹනයේ වේගයද වැඩිවී ද්‍රවය මත ඇතිවන කේන්ද්‍රාපසාරී බලය හේතුවෙන් පොළඹනයේ පෙති අතරින් තලබමනය වෙත තල්ලුවීයයි.
    එමගින් තලබමනය මත බලයක් ඇතිකිරීම හේතුවෙන් තලබමනය භ්‍රමන වීම ආරම්භවේ. එනම් එන්ජිමේ ඇතිකරනු ලබන ජවය ද්‍රාව ගතික ගුණ අනුසාරයෙන් ව්‍යාවර්ථයක් ලෙස පිටතට සම්ප්‍රේෂණයවේ. 
     වැඩි ව්‍යාවර්ථයක් ඇති කිරීම සදහා තලබමනය තුල ද්‍රවය එකදිගට ගැලීමක් සිදුකල යුතු අතර තලබමනය හරහා ගමන් කරන ද්‍රවය නැවත පොළඹවනයේ කේන්ද්‍රයට දිශාගත කල යුතුය.එය සිදුකරනුයේ ස්ථායුකය මගිනි.
     ස්ථායුකයද භ්‍රමණය විය හැකි උපාංගයක් වන අතර වේගය වැඩිවීමේදී පොළඹනය ස්ථායුකය හා තලබමනය එක් ඒ්කකයක් සේ භ්‍රමණය වීම ආරම්භවන අතර එවිට ව්‍යාවර්ථ පරිවර්ථකයෙන් සම්ප්‍රේෂණය වන ව්‍යාවර්ථය අඩුවේ.
      මෝටර් රථය අනවරථ ප්‍රවේගයකින් ගමන්කරන අවස්ථාවල වැඩි ව්‍යාවර්ථයක් අවශ්‍ය නොවන අතර ප්‍රතිරෝදී බල මැඩලීම සදහා පමනක් ව්‍යාවර්තයක් සැපයිය යුතුවේ. ඒ අනුව ස්ථායුකයේ ක්‍රියාකාරීත්වය මේ සදහා වඩාත් සුදුසුවේ.

     මෙවැනිි ක්ලච් වල ඇති විය හැකිි සරල දෝෂ සහ ඒවාට හේතු ලැයිස්තු ගත කරන්න. 





Comments

Popular

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2