ජ්‍යාමිතික නිර්මාණ සරල රේඛාව - ලක්ෂ්‍ය දෙකක් අතර සෘජුව අදින ලද රේඛාව වක්‍ර රේඛා - යම් ලක්ෂ්‍යයක් වටා නියමිත දුරකින් අදින රේඛා කෝණ - 0 0 - 90 0 කෝණ සුලු කෝණ 2 සෘජු කෝණ 90 0 3 මහා කෝණ 90 0 - 180 0 4 සරල කෝණය 180 0 5 පරාවර්ථන කෝණ 180 0 - 360 0 * විහිත චතුරස්‍ර භාවිතනයෙන් ඇදිය හැකි කෝණ 30 0 , 45 0 , 60 0 , 90 0 , 120 0 , 135 0 , 150 0 , 75 0 , 135 0 , 90 0 , 60 0 , 180 0 , 15 0 කෝණයක් පිටපත් කිරීම දෙන ලද කෝණය ABC ලෙස නම් කරන්න. රේඛාවක් ඇද එහි BC දුර ලකුණු කර එය B1C1 ලෙස නම් කරන්න. කවකට්ටට කැමති දුරක් ගෙන B කේන්ද්‍ර කරගනිමින් චාපයක් අදින්න. එම චාපය ඡේදනය වන ස්ථාන D සහ E ලෙස නම් කරන්න. එම අරයම ගෙන B1 කේන්ද්‍ර කර ගනිමින් චාපයක් ඇද එන B1C1 ඡේදනය වන ස්ථානය E 1 ලෙස නම් කරන්න.D E දුර කවකට්ටට ගෙන E 1 කේන්ද්‍ර කර ගනිමින් කලින් අදින ලද චාපය ඡේදනය කර එම ඡේදිත ලක්ෂ්‍ය D1 ලෙස නම් කර B1D1 යා කිරීමෙන් ABC කෝණයට සමාන A1B1C1 කෝණය ලබා ගත හැක. කෝණයක් සමච්ඡේදනය කිරීම දෙන ලද කෝණය ABC ලෙස නම් කරන්න. AB හා BC පාද කැපී යන ලෙස B කේන්ද්‍ර කර ගනිමින් චාපයක් අ