Posts

Showing posts from December 6, 2020

ගෘහස්ථ ජල සම්පාදනය - 4

Image
 ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියක් සකස් කිරීම මනිසා ගේ දෛනික කාර්යයන් සංකීර්ණ වීම නිසා නොයෙකුත් කාර්යයන් පහසුවෙන් කර ගැනීමට පෙළඹී ඇත. ජලය ලබා ගැනීමට ජල මූලාශ්‍ර වෙත යාමට වඩා ජල මූලාශ්‍ර වලින් නිවසට ජලය ලබාගෙන ඒවා ගබඩාකර අවශ්‍ය ස්ථානවලදී භාවිතයට ගැනීම සදහා අදාල වන පද්ධතීන් සැලසුම් කර ස්ථාපනය කර ගැනීමට බොහෝ දෙනා පෙළඹී ඇත. මේ නිසා පිරිසිදු කළ ජලය පහසුවෙන් නිවාස වලට ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි නිවාසවල මෙම පද්ධති නියමිත උපාංග භාවිත කරමින් ස්ථාපනය කර ඇත. ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියක කොටස්  සේවා නලය - ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය මගින් පිරිපහදු කරන ලද ජලය නල මාර්ග ඔස්සේ නිවාස වලට බෙදා හරින අතර බොහෝ අවස්ථාවල මාර්ග ඔස්සේ වලලන ලද නල මේ සදහා භාවිතා කර ගනී. යම් නිවසකට ජල සැපයුමක් අවශ්‍ය වූ විට එම නලයට ෆෙරූට් වෑලයක් සවිකර එමගින් ජල ලබාදීම සිදුකෙරේ. සාමාන්‍යයෙන් අගල් 1/2 ක විශ්කම්භය සහිත නලයක් මාර්ගයෙන් නිවාස වලට ජලය සපයනු ලැබේ.  ගබඩා ටැංකිය පිළිබද සටහන සදහා වීඩියෝ දිගුව භාවිතා කරන්න.  ගබඩා ටැංකිය නළ හා උපාංග පිළීබද සටහන සදහා වීඩියෝ දිගුව භාවිතා කරන්න.  ජල නල හා උපාංග කරාම හා කපාට පිළිබද සටහන සදහා වීඩියෝ දි

ඉංජිනේරු ඇදීම (Engineering Drawing) - 10

Image
නිෂ්පාදනයක් සදහා සැලසුම් දළ සටහනක් අදියි. යම් නිෂ්පාදනයක් සිදු කිරීමේදී එයට අයත් කොටස්/ උපාංග, සැලසුමකින් තොරව සිතෙන ආකාරයට නිම කිරීම නිසා මූලික හැඩයේ වෙනස්කම් ඇතිවිය හැකි අතර එයින් නිෂ්පාදන ගැටලු ඇතිවේ. නිෂ්පාදනය ඇරඹීමට ප්‍රථම ඊට අදාළ කොටස් / උපාංග හා නිමැවු‌මේ දළ සැලසුම් චිත්‍ර මිනුම් සහිතව ඇද ගැනීමෙන් හා ඊට අනුව තැනීමෙන් නිෂ්පාදන ගැටලු අවම කරගත හැකිවේ. එවිට ද්‍රව්‍ය, කාලය, ශ්‍රමය අපතේයාමට ඇති අවකාශය අවම කර ගත හැකිවේ.  යාන්ත්‍රික විෂය ක්ශේත්‍රයේ නිපදවීම සදහා ඇති වැඩ කොටස් සදහා වෙන් වෙන් වශයෙන් අදිනු ලබන නිෂ්පාදන චිත්‍ර කොටස් චිත්‍ර යනුවෙන් හැදින්වේ.  මෙසේ අදිනු ලබන කොටස් සියල්ල එකලස් කිරීම සිදු වන්නේ එක ආයතනයක් තුළදීය. එහෙයින් කොටස් චිත්‍ර එකලස් වූ පසු තිබෙන අයුරු දන්වන සැලසුම් චිත්‍ර එකලස් ච්ත්‍ර යනුවෙන් හැදින්වේ. මෙහිදී එකලස් කිරීමට අවශ්‍ය මානයන් හැර අන් කිසිදු මානයක් යෙදීම නොකරයි.  දළ සටහන් ඇදීම යන්ත්‍ර , යන්ත්‍ර කොටස්, ගොඩනැගිලි හා පාලම් වැනි දෑ ද නිදහස් අත භාවිතා කර ඇදීම සිදු වන අවස්ථා ඇත. මිනුම් සහිතව අදිනු ලබන ඒවැනි දළ සටහන් කාර්මික කටු සටහන් යනුවෙන් හදුන්වනු ලැබේ. කටු සටහන් ඇ