ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2

 ඉංජිනේරු ඇදීමේදී භාවිතයට ගන්නා ද්‍රව්‍ය හා උපකරණ

තැනීමට අරමුණු කර ගන්නා භාණ්ඩය හෝ ඉදිකිරීම සදහා අදිනු ලබන සැලසුම් චිිත්‍ර පැහැදිලිව හා නිවැරදිව ඇදීම සදහා තත්වයෙන් උසස් උපකරණ හා ඇදීම් ද්‍රව්‍ය භාවිතවේ.

ඇදීමේ කඩදාසි 

භාවිත කඩදාසි ව තිබිය යුතු ගුණාංග

  • සම්මත ප්‍රමාණයන්ට අනුකූල වීම
  • වැඩි ඝණකමකින් යුක්ත වීම
  • සාමාන්‍ය කඩදාසියකට වඩා මදක් රළු වයනයකින් යුතු මතුපිටක් තිබීම.( එමගින් කඩදාසිය මත පැන්සල ලිස්සා නොයෑම නිසා වඩා පහසුවෙන් හා පැහැසිලිව චිත්‍රය ඇදිය හැක.)
අන්තර් ජාතික ප්‍රමිති සංවිධානයට අනුව ඇදීමේ කඩදාසි වර්ගීකරය.

සැලසුම් චිත්‍ර ඇදීම සදහා ප්‍රමාණයේ A0 සිට  A4 දක්වා ප්‍රමාණයේ කඩදාසි භාවිතවේ. කඩදාසි වල ඝනකම මනිනු ලබන්නේ කඩදාසි වර්ග මිටරයක බර ග්රෑම් වලිනි (GSM) . මීට අමතරව පිටපත් කිරීමේ කඩදාසිද භාවිතවේ. 

පැන්සල්
විවිධ බද හැඩය සහිත පැන්සල් භාවිතයේ තිබුනද ඇදීම සදහා භාවිත වන්නේ රවුම් හැඩයේ පැන්සල්වේ. පැන්සලේ සදහන් කර ඇති HB, 1H, 2H, 1B, ........................අක්ෂර මගින් එමගින් අදිනු ලබන රේඛාවේ පැහැය පිළිබද අදහසක් ලබාදේ . H අකුරින් මිනිරන්ද වල තද  භාවයද B අක්ෂරය මගින් මිනිරන් වල මෘදු භාවයද පෙන්නුම් කරයි. H එනම්  අගය වැඩි යන විට පැන්සල මගින් අදිනු ලබන රේඛාවේ පැහැය අඩු වන නමුත් කඩදාසිය සීරීමට ලක්වේ. Bඅගය වැඩි වන විට පැන්සල මගින් කඩදාසිය මත තැවරෙන මිනිරන් ප්‍රමාණය වැඩි වීම නිසා තද පැහැයකින් යුත් රේඛා ඇදීමට හැකිවේ . 
කෝදුව 

මිනුම් ලබා ගැනීම, මිනුම් ලකුණු කිරීම හා මිනුම් පිරික්සීම සදහා වානේ , දැව හෝ ප්ලාස්ටික් රූල් භාවිතවේ. ඒමෙන්ම පැතිලි කොදුව මෙන්ම තිකෝණාකාර හැඩයෙන් යුත් පරිමාණ කෝදුවද භාවිතයට ගනී. 
පරිමාණ රූල 

ජ්‍යාමිතික උපකරණ කට්ටලය 

ඇදීම සදහා භාවිත කරනු ලබන්නේ පාසල් සදහා නිකුත්කර ඇති ජ්‍යාමිතික කට්ටලය නොවන අතර වෘතිකයන් සදහා නිකුත් කර ඇති ජ්‍යාමිතක කට්ටලයයි. එහි පහත සදහන් උපාංග අඩංගුවේ. 

කෝදුව - ප්ලාස්ටික් කෝදුවක් වන අතර මිලිමීටර් 150 දක්වා  දිගින් යුන්තවේ.
විහිත චතුරශ්‍ර යුගලය - එක් මුල්ලක් අංශක 90ක් හා අනෙක් මුලු දෙක අංශක 45 බැගින් වූ තිකෝණාකාර කොටසකින් හා අංශක 90, 60, 30 ලෙස වූ තවත් ත්‍රිකෝණ කොටසකිිිින්ද යුක්ත වේ. මෙම විහිත චතුරශ්‍ර 2ක භාවිත කර විවිට අගයන්ගෙන් යුත් කෝණ නිර්මාණය කළ හැකිය. තවද ආනත රේඛා, ලම්භ රේඛා සහ සමාන්තර රේඛා නිර්මාණයේදී වැදගත්වේ.

කෝණ මානය - අංශක 0 සිට 180 දක්වා ඔනෑම ප්‍රමාණයක අංශක ප්‍රමාණයක කෝණ ඇදීම හා මැනීම සදහා යෙදා ගැනේ . 

කවකට්ට - වෘත්ත ඇදීම, චාප ඇදීම ,මිනුම් පිටපත් කිරීම, කෝණ සමච්ඡේදනය ආදී විවිධ ජ්‍යාමිතික නිර්මාණ සදහා භාවිතවේ.
බෙදුම් කටුව - කවකටුව සමාන නමුත් පැන්සලක් රැදවීමට නොහැකිි අතර මිනුම් පිටපත් කිරීමට, මිනුමක් පරීක්ෂා කිරීමට හා ලකුණු කිරීමට භාවිත කළ හැක.
කටහන් තහඩුව  - එක් එක් මිනුම අනුව සකස් කළ වෘත්තාකාර හැඩ , ඉලිප්සාකාර හැඩ, චතුුුුුුුුරශ්‍රාකාර හැඩ සහිත කටහන් තහඩු භාවිතයෙන් කවාකාර හැඩ වල සුමට වක්‍රය ලබාගත හැක. 


ඇදීමේ පුවරුව හා උපකරණ කට්ටලය.

දැව හෝ ප්ලාස්ටික් වලින් නිපදවා ඇති අතර ඇදීමේ කඩදාසිය සවිකිිිිිිරීම සදහා භාවිතවේ.ඒහි පහත ලක්ෂණ දැකිය හැකිය.
  • සෑම මුල්ලක්ම අංශක 90ක් විය යුතුය.
  • දාර සෘජු විය යුතුය.
  • මතුපිට මෘදු හා සමතලා වියයුතුය.
තිරස් රේඛා ඇදීම සදහා ටී රූල යෙදා ගනී. ටී රූල ඇදීමේ පුවරුවේ දාරයකට හේත්තු වන පරිදි සකස් කර ඇත. කඩදාසිි සවි කිරීම සදහා ඇදීමේ පුවරු අල්ලු යොදි ගැනේ.
ටී රූල සහ විහිත චතුරශ්‍ර භාවිතයෙන් ආනත රේඛා සහ සිරස් රේඛා නිර්ඹාන්‍ය කර ගත හැකිය.


අභ්‍යාස 
  1. විහිත චතුරශ්‍ර යුගලය පමණක් යොදා ගෙන ඇදිය හැකි කෝණ වර්ග මොනවාද? ඒ්වා නිර්මාණය කරන්න.
  2. විහිත චතුරශ යුගලය හා කවකටුව යොදාගෙන නිර්මාණය කළ හැකි කෝණ මොනවාද ? ඒවා නිර්මාණය කරන්න.
  3. කොණ මාණය භාවිතයෙන් අංශක 63ක කෝණයක් ඇද, කවකටු යොදාගෙන එම කෝණය තවත් ස්ථානයකට පිටපත් කරන්න.
  4. අංශක 48ක කෝණයක් කෝණමානය භාවිතයෙන් ඇද කවකටුව භාවිතයෙන් එය සමච්ඡේදනය කරන්න.
  5.  23mm දිග රේඛාවක් ඇද සමාන කොටස් 7කට බෙදන්න.
  6.   70mm දිග රේඛාවක් ඇද සමාන එය 2: 4 අනුපාතයට බෙදන්න
  7. තමන් කැමති ප්‍රමාණයක් චාප 2ක්  ඇද එකක් සමාන කොටස් 2කටද එකක් සමාන කොටස් 4කට ඡේදනය කරන්න.
  8. කෝණමාණයේ පිටත දාරය භාවිත කර චාපයක් ඇද එහි කේන්ද්‍රය සොයන්න.

Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8