Posts

Showing posts from November 29, 2020

ගෘහස්ථ ජල සම්පාදනය - 3

Image
  ගෘහස්ථ ජල සම්පාදන ක්‍රම  පිරිසිදුකරන ලද ජලය පොම්ප කිරීමෙන් හෝ ගුරුත්ව බලය ටයතේ නිවාස වලට සැපයීම සිදුකරයි. පිරිපහදු කරන ලද ජලය සේවා ටැංකි වෙත පොම්ප කිරීම සදහා ජල ගබඩා ටැංකියට රැස් කරනු ලැබේ. මෙසේ රැස් කල ජලය විශාල විදුලි බලයක් වැය කරමින් ජල පවිත්‍රාගාරයට දුරින් විවිධ ප්‍රදේශවල උස් ස්ථාන වල පිහිටුවා ඇති සේවා ජලාශ වෙත විශාල PVC  හෝ GI නල ඔස්සේ පොම්ප කර බෙදා හැරේ. එම නලය ජල බෙදාහැරීම් පද්දතීන් ඔස්සේ ගුරුත්වය යටතේ ගෙනගොස් පාරිබෝජකයන් වෙත වෙත බෙදා හරිනු ලැ‌බේ. පාරිභෝගිකයා වෙත සපයනු ලබන ජලයේ ජල සැපයුම් ශීග්‍රතාව සහ පීඩනය නිසි පරිදි පවත්වා ගත යුතුය. තවද යම් ප්‍රදේශයක් තුල ජලය බෙදාහැරීම සදහා ද ජල පීඩනයක් අවශ්‍යවේ ඒ සදහා ආරෝහණ හිස, ප්‍රවේග හිස, ගුරුත්ව ගලනය, විසර්ජන හිස යන සංකල්ප උපයෝගී වේ. ශක්තිය එක් අවස්ථාවක සිට තවත් ආකාරයකට වෙනස් කරනු විනා නැති කිරීමට හෝ විනාශ කිරීමට නොහැක. ගලා යන ජලයේ මෙම ශක්තිය තුන් ආකාරයකට පවතී . එනම්,  විභව ශක්තිය  චාලක ශක්තිය පීඩන ශක්තිය  මෙම ශක්තීන් උසක් ලෙස ප්‍රකාෂ කල විට විභව ශක්තිය ආරෝහන හිස ලෙසද , චාලක ශක්තිය ප්‍රවේග හිස ලෙසද , පීඩන ශක...

ඉංජිනේරු ඇදීම (Engineering Drawing) - 9

Image
 හරස්කඩ ඇදීම  වස්තුවක සැගි දාර බහුල වශයෙන් පවතින විට සෘජු ප්‍රක්ෂේපණ පෙනුම් ඇදීමේදී රූපයේ පරිදි කඩ රේඛා සමූහයක් එක් පෙනුමක දැකිය හැකි වේ. එවිට වැඩ කොටස හෝ වස්තුව හෝ නිෂ්පාදනය කරන්නාට එම වස්තුව පැහැදිලිව වටහා ගැනීමට අපහසුවේ. එහෙයින් නොපෙනෙන තොරතුරු පෙන්වීම සදහා හරස්කඩ පෙනුම් අදිනු ලැබේ. මෙම ඉංජිනේරු ඇදීමට වඩා පහල ආකාරයට ඇදි විට පැහැදිලි චිත්ත රූප මවාගත හැකිය  ඡේදිත පෘෂ්ඨ 45 0 ආනත සිහින් ඉරිවලින් ( Hatching )දැක්විය යුතුය. 45 0 ආනත ඉම් රේඛා ඇති විට 60 0 ආනත ඉරි මේ සදහා යොදා ගන්න. ඡේදිත එක් එක් ‌ෙකාටස් වෙන්කර හදුනා ගැනීමට එකිනෙක විරුද්ධ දිශාවට ආනත රේඛා ( Hatching ) ඇදිය යුතුය. කොටස් වෙන් වීම වඩාත් සංකීර්ණ අවස්ථාවල එකිනෙක පරතර කුඩා වනසේ සකීර්ණ කොටස්වල ආනත රේඛා යෙදිය යුතුය. අදින ලද යන්ත්‍ර කොටසක අභ්‍යන්තර කොටස් දැක්වීමට අදින ලද සැගි රේඛා ඡේදනය කළ විට පෙනෙන බැවින් ඒවා ඉම් රේඛා බවට පත්වේ. යන්ත්‍ර කොටස් වල වැරගැන්වීමට යොදා ඇති කයිරු ඡේදනය වූ විට ඒවා හරස් ආනත රේඛා වලින් අදුරු කර දක්වන්නේ නැත.  යන්ත්‍ර කොටසක් ස්ථාන දෙකකින් හෝ කීපයකින් ඡේදනය වී ඇති විට එය එකම තලයකින් ...