ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 4

 ජ්‍යාමිතික නිර්මාණ 

සරල රේඛාව - ලක්ෂ්‍ය දෙකක් අතර සෘජුව අදින ලද රේඛාව

වක්‍ර රේඛා - යම් ලක්ෂ්‍යයක් වටා නියමිත දුරකින් අදින රේඛා

කෝණ - 

00 - 900  කෝණ සුලු කෝණ

2 සෘජු කෝණ 900

3 මහා කෝණ 900 - 1800  

4 සරල කෝණය 1800

5 පරාවර්ථන කෝණ 1800 - 3600  

* විහිත චතුරස්‍ර භාවිතනයෙන් ඇදිය හැකි කෝණ  300, 450,  600,  900 , 1200 ,  1350, 1500 ,750, 1350, 900, 600, 1800, 150 

    කෝණයක් පිටපත් කිරීම 

දෙන ලද කෝණය ABC ලෙස නම් කරන්න. රේඛාවක් ඇද එහි BC දුර ලකුණු කර එය B1C1 ලෙස නම් කරන්න. කවකට්ටට කැමති දුරක් ගෙන B කේන්ද්‍ර කරගනිමින් චාපයක් අදින්න. එම චාපය ඡේදනය වන ස්ථාන D සහ E ලෙස නම් කරන්න. එම අරයම ගෙන B1 කේන්ද්‍ර කර ගනිමින් චාපයක් ඇද එන  B1C1 ඡේදනය වන ස්ථානය  E 1 ලෙස නම් කරන්න.D E දුර කවකට්ටට ගෙන E 1 කේන්ද්‍ර කර ගනිමින් කලින් අදින ලද චාපය ඡේදනය කර එම ඡේදිත ලක්ෂ්‍ය D1 ලෙස නම් කර B1D1  යා කිරීමෙන් ABC කෝණයට සමාන A1B1C1 කෝණය ලබා ගත හැක.



කෝණයක් සමච්ඡේදනය කිරීම 

දෙන ලද කෝණය ABC ලෙස නම් කරන්න. AB හා BC පාද කැපී යන ලෙස B කේන්ද්‍ර කර ගනිමින් චාපයක් අදින්න. කැමති දුරක් කව කට්ටටගෙන චාපය මගින් පාද ඡේදනයවූ ස්ථාන වල තබා එකිනෙක ඡේදනය වන චාප 2ක් ඇදීම. චාප චේදනයෙන් සැදෙන ලක්ෂ්‍ය සහ ශීර්ෂය යා කිරීම මගින් කෝණය සමච්ඡේදනය වේ.



දෙන ලද චාප කොටසක් සමච්ඡේදනය කිරීම

චාප‌ කොටසේ කොන් 2ක යා කරමින් රේඛාවක් ඇදීම.  එම රේඛාවට ලම්භ සමච්ඡෙදකයක් ඇදීම. එම රේඛාව මගින් චාපය සමච්ඡේදනයවේ.



දෙන ලද වෘත්ත කොටසක කේන්ද්‍රය සෙවීම.

වෘත්ත කොටස කැපී යන ලෙස ජ්‍යායන්් 2ක් ඇදීම. ජ්‍යායන් දෙකටම ලම්භසමච්ඡේදනය කිරීම. මෙම සමච්ඡේදක 2ක ඡේදනය වන ස්ථානය කේන්ද්‍රයවේ.


රේඛාවක් දී ඇති කොටස් ගණනකට බෙදීම හා අනුපාතයකට බෙදීම

රේඛාව දී ඇති මිණුමට ඇද ගැනීම . රේඛාවට ආනත රේඛාවක් ඇද කැමති දුරක් කවකට්ටට ගෙන එම ආනත රේඛාව දී ඇති කොටස් ගණන ලකුණු කිරීම. අවසාන චාපය හා අදාල රේඛාවේ ඉතිරි කොණ යා කිරීම. සෑම චාපයක් හරහාම එම රේඛාවට සමාන්තර රේඛා ඇදීම.


දෙන ලද වෘත්තයක් තුල සවිධි බහුඅස්‍රයක් නිර්මාණය කිරීම.


පාදයක දිග හා පාද ගණන දී ඇති විට සවිධි බහු අස්‍රයක් නිර්මාණය කිරීම 


ත්‍රිකෝණයක පාද තුන අභ්‍යන්තරව ස්ඵර්ශ කරන වෘත්තයක් ඇදීම 

ත්‍රිකෝණයේ ඔනෑම කෝණ 2ක් සමච්ඡේදනය කිරීම. එම සමච්ඡේදන රේඛා දෙක ඡේදනය වන ස්ථානයේ සිට පාදයකට චාපයක් ඇද එම චාපය සමච්චේදනය කිරීම. එම සමච්ඡේදන රේඛාව පාදය ඡේදනය වන ස්ථානය හා කොනවල සමච්ඡේදිත රේඛා ඡේදනය වන ස්ථාන දෙක අතර දුර අරය ලෙස ගෙන වෘත්තය ඇදීම.


ත්‍රිකෝණයක ශිර්ෂ තුන ස්ඵර්ෂ කරන වෘත්තය ඇදීම 

ත්‍රිකෝණයේ ඔනෑම පාද දෙකක් සමච්චේදනය කර එම රේඛා ඡේදනය වන ස්ථානය P ලෙස නම් කිරීම. P  සිට ඔනෑම ශිර්ශයකට ඇති දුර අරය ලෙස ගෙන වෘත්තය ඇදීම.

අභ්‍යාශ
  1.  පහත සදහන් කෝණ අගයන් නිර්මාණය කරන්න. 22 ½ 0, 67 ½ 0, 53 ½ 0, 15 ½ 0, 32 ½ 0
  2. 50 0  කෝණයක් ඇද එය සමාන කොටස් 4කට බෙදන්න. 
  3. 57mm දිග රේඛාවක් ඇද එය සමාන කොටස් 6කට බෙදන්න.
  4. 69mm දිග රේඛාවක් ඇද එය 4ට 3 අනුපාතයට  බෙදන්න.
  5. කැමති වෘත්තාකාර භාණ්ඩයක වක්‍ර රේඛාවෙන් කොටසක් පොතෙහි ඇද එහි කේන්ද්‍රය සොයන්න.
  6. 40mm අරය සහිත වෘත්තයක් තුල සවිධි පංචාශ්‍රයක්, සඩාශ්‍රයක්,සප්තාස්‍රයක් නිර්මාණය කරන්න.
  7. පාදයක දිග 35mm වන පංචාශ්‍රයක්, සඩාශ්‍රයක්, සප්තතාශ්‍රයක්් සහ අශ්ටාස්‍රයක් නිර්මමාණය කරන්න.
  8. පාද වල දිග 100mm, 150mm, 120mm වන ත්‍රිකෝණයක පාද ස්ඵර්ශ කරණ වෘත්තය සහ ශීර්ෂ ස්ඵර්ෂ කරණ වෘත්තය අදින්න.

Comments

Post a Comment

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2