ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 5
ස්ඵර්කශ නිර්මාණය කිරීම
- රේඛාවකට වෘත්තයක් ස්ඵර්ශ කිරීම
වෘත්තයේ අරයට සමාන දුරකින් රේඛාවට සමාන්තර රේඛාවක් ඇද වෘත්තය ඇදීම.
- එකිනෙකට ලම්භක රේඛා දෙකකට ස්ඵර්ශ වන වෘත්තයක් ඇදීම.
වෘත්තයේ අරයට සමාන දුරකින් රේඛාවන් දෙකටම සමාන්තර රේඛා ඇදීම. එම රේඛා දෙක ඡේදනය වන ස්ථානය වෘත්තයේ කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තය ඇදීම.
- එකිනෙකට මහා කෝණයකින් සම්බන්ධ වන රේඛා දෙකකට ස්ඵර්ශ වන වෘත්තයක් ඇදීම.
වෘත්තයේ අරයට සමාන දුරකින් රේඛාවන් දෙකටම සමාන්තර රේඛා ඇදීම. එම රේඛා දෙක ඡේදනය වන ස්ථානය වෘත්තයේ කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තය ඇදීම.
- එකිනෙකට සුළු කෝණයකින් සම්බන්ධ වන රේඛා දෙකකට ස්ඵර්ශ වන වෘත්තයක් ඇදීම.
වෘත්තයේ අරයට සමාන දුරකින් රේඛාවන් දෙකටම සමාන්තර රේඛා ඇදීම. එම රේඛා දෙක ඡේදනය වන ස්ථානය වෘත්තයේ කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තය ඇදීම.
- බාහිර ලක්ෂ්‍යක සිට වෘත්තයකට ස්ඵර්ශකයක් ඇදීම
- අරයෙන් සමාන වෘත්ත දෙකකට තීර්යක් පොදු ස්ඵර්ශකය ඇදීම
- අරයෙන් අසමාන වෘත්ත දෙකකට තීර්යක් පොදු ස්ඵර්ශකය ඇදීම
වෘත්ත දෙකෙහි මධ්‍ය ලක්ෂ්‍ය යා කොට ලැබෙන රේඛාව සමච්ඡේදකය කරන්න. එම ලක්ෂ්‍ය මධ්‍ය ලක්ෂ්‍ය ලෙස හා වෘත්ත දෙකෙහි මධ්‍යලක්ෂ අතර දුරින් භාගයක් අරය ලෙස ගෙන වෘත්තයක් අදින්න.විශාල වෘත්තයේ අරයෙට කුඩා වෘත්තයේ අරය එකතු කර ලැබෙන දුර අරය ලෙස ගෙන විශාල වෘත්තයේ කේද්‍රය කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තයක් අදින්න. එම වෘත්ත දෙක ඡේදනය වන ස්ථානය හරහා යන රේඛාවක් කුවා වෘත්තයේ කේන්ද්‍රයේ සිට අදින්න.එම රේඛානවට සමාන්තර රේඛාවක් වෘත්ත දෙක ස්ඵර්ශ වන ලෙස අදින්න.
- අරයෙන් අසමාන වෘත්ත දෙකකට පොදු ස්ඵර්ශකය ඇදීම
වෘත්ත දෙකෙහි මධ්‍ය ලක්ෂ්‍ය යා කොට ලැබෙන රේඛාව සමච්ඡේදකය කරන්න. එම ලක්ෂ්‍ය මධ්‍ය ලක්ෂ්‍ය ලෙස හා වෘත්ත දෙකෙහි මධ්‍යලක්ෂ අතර දුරින් භාගයක් අරය ලෙස ගෙන වෘත්තයක් අදින්න.විශාල වෘත්තයේ අරයෙන් කුඩා වෘත්තයේ අරය අඩු කර ලැබෙන දුර අරය ලෙස ගෙන විශාල වෘත්තයේ කේද්‍රය කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තයක් අදින්න. එම වෘත්ත දෙක ඡේදනය වන ස්ථානය හරහා යන රේඛාවක් කුවා වෘත්තයේ කේන්ද්‍රයේ සිට අදින්න.එම රේඛානවට සමාන්තර රේඛාවක් වෘත්ත දෙක ස්ඵර්ශ වන ලෙස අදින්න.
- වෘත්ත දෙකකට බාහිරින් ස්ඵර්ශ වන වෘත්තයක් ඇදීම
Video play වෙන් නෑනේ
ReplyDelete