ඉංජිනේරු ඇදීම (Engineering Drawing) - 9

 හරස්කඩ ඇදීම 

වස්තුවක සැගි දාර බහුල වශයෙන් පවතින විට සෘජු ප්‍රක්ෂේපණ පෙනුම් ඇදීමේදී රූපයේ පරිදි කඩ රේඛා සමූහයක් එක් පෙනුමක දැකිය හැකි වේ. එවිට වැඩ කොටස හෝ වස්තුව හෝ නිෂ්පාදනය කරන්නාට එම වස්තුව පැහැදිලිව වටහා ගැනීමට අපහසුවේ. එහෙයින් නොපෙනෙන තොරතුරු පෙන්වීම සදහා හරස්කඩ පෙනුම් අදිනු ලැබේ.

මෙම ඉංජිනේරු ඇදීමට වඩා පහල ආකාරයට ඇදි විට පැහැදිලි චිත්ත රූප මවාගත හැකිය 

ඡේදිත පෘෂ්ඨ 450 ආනත සිහින් ඉරිවලින් (Hatching)දැක්විය යුතුය. 450 ආනත ඉම් රේඛා ඇති විට 600 ආනත ඉරි මේ සදහා යොදා ගන්න.


ඡේදිත එක් එක් ‌ෙකාටස් වෙන්කර හදුනා ගැනීමට එකිනෙක විරුද්ධ දිශාවට ආනත රේඛා (Hatching) ඇදිය යුතුය.

කොටස් වෙන් වීම වඩාත් සංකීර්ණ අවස්ථාවල එකිනෙක පරතර කුඩා වනසේ සකීර්ණ කොටස්වල ආනත රේඛා යෙදිය යුතුය.

අදින ලද යන්ත්‍ර කොටසක අභ්‍යන්තර කොටස් දැක්වීමට අදින ලද සැගි රේඛා ඡේදනය කළ විට පෙනෙන බැවින් ඒවා ඉම් රේඛා බවට පත්වේ.

යන්ත්‍ර කොටස් වල වැරගැන්වීමට යොදා ඇති කයිරු ඡේදනය වූ විට ඒවා හරස් ආනත රේඛා වලින් අදුරු කර දක්වන්නේ නැත. 

යන්ත්‍ර කොටසක් ස්ථාන දෙකකින් හෝ කීපයකින් ඡේදනය වී ඇති විට එය එකම තලයකින් ඡේදනය වී ඇති ආකාරයට අදිනු ලැබේ.

කොටසක් ආනතව පිහිටි රූපයක ඡේදිත රේඛාවද ආනතව පිහිටි විට එම රූපයේ ඡේදන අක්ෂය සරල රේඛාවක් වන පරිදි ඇද, ඒ අනුව ඡේදිත රූපය අදිනු ලැබේ.

ඡේදිය තලය ඔස්සේ කපා ඊතල හිසෙන් පසුපස කොටස තෝරාගත යුතුය.

සිදුරු , ඊෂාවන් , ඇණ මුරිච්චි ඡේදනය නොකළ යුතුය.

සැගි දත්ත සදහා කඩ රේඛා බාවිත නොකළ යුතුය.

අදින ලද ප්‍රක්ෂේපණ කොටස නම් කළ යුතුය.

වීඩියෝව සදහා දිගුව හරස්කඩ පෙනුම ඇදීම - උදාහරණ





අභ්‍යාස 
1. සමාංශක පෙනුම අදින්න. 

2. පහත රූප වල ඊතලය දෙසින් බලා ඡේදිත ඉදිරි පෙනුම , පැති පෙනුම හා සැලැස්ම අදින්න





Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2