ගෘහස්ථ ජල සම්පාදනය - 3

  ගෘහස්ථ ජල සම්පාදන ක්‍රම 

පිරිසිදුකරන ලද ජලය පොම්ප කිරීමෙන් හෝ ගුරුත්ව බලය ටයතේ නිවාස වලට සැපයීම සිදුකරයි. පිරිපහදු කරන ලද ජලය සේවා ටැංකි වෙත පොම්ප කිරීම සදහා ජල ගබඩා ටැංකියට රැස් කරනු ලැබේ. මෙසේ රැස් කල ජලය විශාල විදුලි බලයක් වැය කරමින් ජල පවිත්‍රාගාරයට දුරින් විවිධ ප්‍රදේශවල උස් ස්ථාන වල පිහිටුවා ඇති සේවා ජලාශ වෙත විශාල PVC  හෝ GI නල ඔස්සේ පොම්ප කර බෙදා හැරේ. එම නලය ජල බෙදාහැරීම් පද්දතීන් ඔස්සේ ගුරුත්වය යටතේ ගෙනගොස් පාරිබෝජකයන් වෙත වෙත බෙදා හරිනු ලැ‌බේ. පාරිභෝගිකයා වෙත සපයනු ලබන ජලයේ ජල සැපයුම් ශීග්‍රතාව සහ පීඩනය නිසි පරිදි පවත්වා ගත යුතුය. තවද යම් ප්‍රදේශයක් තුල ජලය බෙදාහැරීම සදහා ද ජල පීඩනයක් අවශ්‍යවේ ඒ සදහා ආරෝහණ හිස, ප්‍රවේග හිස, ගුරුත්ව ගලනය, විසර්ජන හිස යන සංකල්ප උපයෝගී වේ.

ශක්තිය එක් අවස්ථාවක සිට තවත් ආකාරයකට වෙනස් කරනු විනා නැති කිරීමට හෝ විනාශ කිරීමට නොහැක. ගලා යන ජලයේ මෙම ශක්තිය තුන් ආකාරයකට පවතී . එනම්, 
  • විභව ශක්තිය 
  • චාලක ශක්තිය
  • පීඩන ශක්තිය 
මෙම ශක්තීන් උසක් ලෙස ප්‍රකාෂ කල විට විභව ශක්තිය ආරෝහන හිස ලෙසද , චාලක ශක්තිය ප්‍රවේග හිස ලෙසද , පීඩන ශක්තිය පීඩන හිස ලෙසද ප්‍රකාෂ කරන අතර බර්නූලි නියායට අනුව ශක්තිය සංස්තිථික නිසා ගලා යන ජලස්කන්ධයක මෙම තුනෙහි එකතුව ඔනෑම තැනක නියත අගයක් ගනී. සිදු වන්නේ එක් හිසක් අඩු වන විට ඊට සාපේක්ෂව වැඩිවීමයි.
ආරෝහණ හිස - සම්මත තලයකට සාපේක්ෂව ජල පෘෂ්ථයේ උස අනුව තීරණය වේ.
ප්‍රවේග හිස - ගලා යන ජලයේ වේගය අනුව තීරණය වේ.
පීඩන හිස - ගලා යන ජලයේ පීඩනය මත තීරණය වේ. 
උදාහරණයක් ලෙස ඉහත රූපයේ අවස්ථාා තුනක් දක්වා ඇති අතර පළමු අවස්ථාවේ, ආරෝහන හිස අවම වී ඒ වෙනුවට පීඩන හිස ඉහල ගොස් ඇත. දෙවැනි අවස්ථාවේ ආරෝහන හිස වැඩි වීමත් සමග පීඩන හිස අඩුවී ඇත. (නලයේ විශ්කම්භය නියතව පවතින තාක් සාමාන්‍යයෙන් ප්‍රවේග හිස නියතව පවතී) . එනම් ජලය උඩිස් ටැංකියක ගබඩා කර බෙදාහැරීමේදී සැපයුම් පීඩනය නිසි ලෙස පවත්වා ගැනීමට නම් ආරෝහන හිස පිළිබද සැලකිලිමත් විය යුතු වන්නේ ජලය බොහෝ විට බෙදා හරිනුයේ ගුරුත්වයෙ යටතේ බැවිනි. නමුත් නිසි පීඩනය පවත්වා ගැනීම අසීරු අවස්ථාවල ජලය බෙදා හැරීම සදහා පොම්ප භාවිත‌ා කරණු ලැබෙන අතර එය ඉතා මිල අධික ක්‍රියාවලියකි.
පොම්පයක හිස ලෙස හැදින්වෙන්නේ, ජලය එක් මට්ටමක  සිට තවත් මට්ටමකට ගෙන යාම සදහා ජලයට ලබාදිය යුතු පීඩනයයි. මෙය මනිනු ලබන්නේ මීටර් හෝ අඩිවලින් වලිිිින් උසක් ලෙසය. උදාහරණයක් ලෙස ලිදකින් ජලය පොම්ප කර උඩිස් ටැංකියකට යොමු කිරීම සදහා පොම්පය විසින් ජලය ඇද ගැනීමට මෙන්ම ටැංකිය වෙත යොමු කිරීමට ගුරුත්ව බලයට එරෙහිව කාර්යයක් කල යුතුය. 

චූෂන හිස  - පොම්ප කිරීමට බලා පොරොත්තු වන ජල ප්‍රභවයේ මතුපිට සිට පොම්පයේ මධ්‍ය රේඛාවට ඇති        සිරස් උස
විසර්ජන උස - පොම්පයේ මධ්‍යරේඛාවේ සිට ජලය ලබාදෙන ටැංකියේ ජල පෘෂ්ඨයට ඇති සිරස් දුර 

සැපයුම් පීඩනය පවතවා ගැනීම සදහා ජල සැපයුම් පද්ධතියක් සැලසුම් කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග

සාමාන්‍යයෙන් නිවසකට ජලය සපයන්නේ උස් ස්ථානයක තැබූ ටැංකියකට ජලය රැස් කිරීමෙනි. මෙම ටැංකියට ජලය සපයා ගනු ලබන්නේ සේවා සැපයුමකින් හෝ ළිදකින් පොම්ප කර ගැනීමෙනි. ටැංකියේ සිට අභ්‍යන්තර ජල නල පද්ධතියට ජලය ගෙන යනු ලබන්නේ ගුරුත්වය යටතේ ය. ජලය නළ හරහා ගමන් කරනුයේ වැඩි පීඩනයේ සිට අඩු පීඩනය දක්වාය. ගෘහ සැපයුම් සේවාවන්හි ජල සැපයුම් පීඩනය ප්‍රමාණවත් පරිදි පවතින්නේ නම් ප්‍රධාන ගෘහ සැපයුම් සේවා නළය නිවසේ අභ්‍යන්තර ජල බෙදා හැරීමේ පද්ධතිය සමග සෘජු ලෙස සම්බන්ධ කළ හැකිය.

ගෘහස්ථ සේවා සැපයුමක දී ජලනළයක ඇතුළත ජලයේ පීඩනය, වායුගෝල පීඩනය (bar) 1සට 6 දක්වා වෙනස් විය හැකිය.

අභ්‍යාාස

ස්ථාන දෙකක් අතර ජලය බෙදා හැරීම කෙරෙහි බලපාන සාධක තර්කානු කූලව පැහැදිලි කරන්න.

Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2