ගෘහස්ථ ජල සම්පාදනය - 4
ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියක් සකස් කිරීම
මනිසා ගේ දෛනික කාර්යයන්
සංකීර්ණ වීම නිසා නොයෙකුත් කාර්යයන් පහසුවෙන් කර ගැනීමට පෙළඹී ඇත. ජලය ලබා ගැනීමට ජල
මූලාශ්‍ර වෙත යාමට වඩා ජල මූලාශ්‍ර වලින් නිවසට ජලය ලබාගෙන ඒවා ගබඩාකර අවශ්‍ය ස්ථානවලදී
භාවිතයට ගැනීම සදහා අදාල වන පද්ධතීන් සැලසුම් කර ස්ථාපනය කර ගැනීමට බොහෝ දෙනා පෙළඹී
ඇත. මේ නිසා පිරිසිදු කළ ජලය පහසුවෙන් නිවාස වලට ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි නිවාසවල
මෙම පද්ධති නියමිත උපාංග භාවිත කරමින් ස්ථාපනය කර ඇත.
ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියක කොටස්
සේවා නලය - ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය මගින් පිරිපහදු කරන ලද ජලය නල මාර්ග ඔස්සේ නිවාස වලට බෙදා හරින අතර බොහෝ අවස්ථාවල මාර්ග ඔස්සේ වලලන ලද නල මේ සදහා භාවිතා කර ගනී. යම් නිවසකට ජල සැපයුමක් අවශ්‍ය වූ විට එම නලයට ෆෙරූට් වෑලයක් සවිකර එමගින් ජල ලබාදීම සිදුකෙරේ. සාමාන්‍යයෙන් අගල් 1/2 ක විශ්කම්භය සහිත නලයක් මාර්ගයෙන් නිවාස වලට ජලය සපයනු ලැබේ.
ගබඩා ටැංකිය පිළිබද සටහන සදහා වීඩියෝ දිගුව භාවිතා කරන්න.
නළ හා උපාංග පිළීබද සටහන සදහා වීඩියෝ දිගුව භාවිතා කරන්න.
කරාම හා කපාට පිළිබද සටහන සදහා වීඩියෝ දිගුව භාවිතා කරන්න.
ගෘහස්ථ ජල පොම්ප
ගෘහස්ථ ජල සම්පාදනයේදී බහුල වශයෙන් යොදා ගනුයේ ගතික වර්ගයේ පොම්පපයන් වන කේන්ද්‍රාපසාරී පොම්ප වේ. එහි ක්‍රියාකාරීත්වය සිදුවනුයේ තරලය මත කැරකුම් බලය යොදා තරලයට කේන්ද්‍රඅපසාරී දිශාගතව චාලක ශක්තිය ලබාදීමෙනි.
කේන්ද්‍රාපසාරී පොම්ප මගින් තරල පොම්ප කිරීම සිදුවන්නේ කේන්ද්‍රාපසාරී බලය මගිිිින් ඇතිකරනු ලබන තරල පීඩනය උපයෝගී කරගනිමිනි. මෙම පොම්පයක ප්‍රධාන ක්‍රියාකාරී උපාංග වනුයේ පොළඹනය (Impeller) සහ කසුව (Casing) වේ. කේන්ද්‍රාපසාරී පොම්පයක ඇතුලත පෙනුම පහත පරිදි වේ.
පොළඹනය මගින් ජලස්කන්ධ කැරකැවීම සදහා චාලක ශක්තිය ලබා දී කේන්ද්‍ර අපසාරී බලය යටතේ වැර ගැන්වෙන තරල ප්‍රවාහය අඩු ප්‍රතිරෝධී බලයක් යටතේ වැර ගැන්වෙන තරල ප්‍රවාහය අඩු ප්‍රත්රෝධී බලයක් යටතේ දිශා ගන්වනු ලබන්නේ කසුව (Casing) මගිනි. මෙම කසුව මේ සදහා ක්‍රමයෙන් විශාල වන විෂ්කම්භයක් ඇති වන සේ සර්පිලාකාර හැඩයකින් යුක්තය. මෙම හැඩය නිසා එය සංචලිත කසුව ලෙස හැදින්වේ.
ගැඹුරු ළිං මගින් ජලය පොම්ප කිරීමේදී ගිල්විය හැකි පොම්ප (Submersible pumps) යොදා ගැනේ. මෙම පොම්ප මගින් ජල ස්කන්ධය 25 m කට වඩා එසවිය හැකිය.
ජල නල සැලසුමක භාවිත උපාංග සදහා යොදාගන්නා සංකේත පහත දැක්වේ.
1. ගෘහස්ථ ජග සම්පාදන පද්ධතියකට අවශ්‍ය ජල නල හා උපාංග නම් කරන්න.
2. එක ලග පිහිටි නාන කාඹරයක් සහ මුලුතැන්ගෙයක් සදහා අවශ්‍ය උපාංග ඇතුලත් ජල නල පද්ධතියක රූප සටහනක් සම්මත සංකේත භාවිතයෙන් ඇද දක්වන්න.
3. එක් පුද්ගලයෙකුගේ දෛනික ජල පරිභෛා්ජනය ලීටර් 100ක් නම් . 10 දෙනෙකු පදිංචිි නිවසක් සදහා යෙදිය යුතු ගබඩා ටැංකියක ධාරිතාවය ගණනය කරන්න.
Comments
Post a Comment