ඉංජිනේරු ඇදීම (Engineering Drawing) - 10

නිෂ්පාදනයක් සදහා සැලසුම් දළ සටහනක් අදියි.

යම් නිෂ්පාදනයක් සිදු කිරීමේදී එයට අයත් කොටස්/ උපාංග, සැලසුමකින් තොරව සිතෙන ආකාරයට නිම කිරීම නිසා මූලික හැඩයේ වෙනස්කම් ඇතිවිය හැකි අතර එයින් නිෂ්පාදන ගැටලු ඇතිවේ. නිෂ්පාදනය ඇරඹීමට ප්‍රථම ඊට අදාළ කොටස් / උපාංග හා නිමැවු‌මේ දළ සැලසුම් චිත්‍ර මිනුම් සහිතව ඇද ගැනීමෙන් හා ඊට අනුව තැනීමෙන් නිෂ්පාදන ගැටලු අවම කරගත හැකිවේ. එවිට ද්‍රව්‍ය, කාලය, ශ්‍රමය අපතේයාමට ඇති අවකාශය අවම කර ගත හැකිවේ. 

යාන්ත්‍රික විෂය ක්ශේත්‍රයේ නිපදවීම සදහා ඇති වැඩ කොටස් සදහා වෙන් වෙන් වශයෙන් අදිනු ලබන නිෂ්පාදන චිත්‍ර කොටස් චිත්‍ර යනුවෙන් හැදින්වේ. 

මෙසේ අදිනු ලබන කොටස් සියල්ල එකලස් කිරීම සිදු වන්නේ එක ආයතනයක් තුළදීය. එහෙයින් කොටස් චිත්‍ර එකලස් වූ පසු තිබෙන අයුරු දන්වන සැලසුම් චිත්‍ර එකලස් ච්ත්‍ර යනුවෙන් හැදින්වේ. මෙහිදී එකලස් කිරීමට අවශ්‍ය මානයන් හැර අන් කිසිදු මානයක් යෙදීම නොකරයි. 


දළ සටහන් ඇදීම

යන්ත්‍ර , යන්ත්‍ර කොටස්, ගොඩනැගිලි හා පාලම් වැනි දෑ ද නිදහස් අත භාවිතා කර ඇදීම සිදු වන අවස්ථා ඇත. මිනුම් සහිතව අදිනු ලබන ඒවැනි දළ සටහන් කාර්මික කටු සටහන් යනුවෙන් හදුන්වනු ලැබේ. කටු සටහන් ඇදීමේදී මූලික වශයෙන් ආරම්භ කළ යුත්තේ සරල රේඛා, කෝණ සරල රේඛාව සමාන කොටස් වලට බෙදා ගැනීම යනාදියෙනි. පසුව තල රූප , බහු අස්‍ර, වෘත්ත ඉලිප්ස යනාදියෙන් අවසන්වේ. දළ සටහන් ඇදීමේදී මිනුම් නිවැරදි වීම අත්‍යාවශ්‍ය නොවන අතර , එක මානයක සිට අනෙක් මානයට ඇති දුරෙහි දළ අනුපාතයක් තිබීම වැදගත්වේ. එමගින් අදින ලද දළ සටහන් කියවීමට හා සත්‍ය පෙනුම තේරුම් ගැනීමේ හැකියාවක් දළ වශයෙන් ලබා දේ. 

අභ්‍යස 
1. කාමර දෙකක් , දොර ජනෙල් කීපයක් හා අභිමත වහල හැඩය සමග නිවසක් සමාංශක ප්‍රක්ෂේපණ ක්‍රමයට නිදහස් අතින් ඇදීමටත් , එහි ඉදිරි පෙනුම, පැති පෙනුම, බිම් සැලැස්ම නිදහස් අතින් අදින්න

2. පහත යන්ත්‍ර කොටසේ දළ සටහනක් නිදහස් අතින් අදින්න. 


3. නිවසේ ඇති ආයුධයක හෝ උපකරණයක සමාංශක පෙනුම හා සෘජු ප්‍රක්ශේපන පෙනුම නිදහස් අතින් දල සටහනකින් ඇද දක්වන්න.


Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2