ගෘහස්ථ ජල සම්පාදනය - 1

සීමිත සම්පතක් ලෙස ජලයේ වැදගත්කම 


ලෝක ගොලයෙන් 2/3 ක් වැසී ඇත්තේ ජලයෙන් වුවද එයින් 97%ක්ම කරදිය වේ.ඉතිරියෙන් අඩකට වඩා ඇත්තේ අයිස් වන අතර මිනිස් පරිභොජනය සදහා සුදුසු වන්නේ 1.5%ක් පමණ වන අතර ඒවා ගංගා, වැව්, ඇළ දොළ , උල්පත් ලෙස පවතී. 

පෘතුවිය මතුපිට වායුගෝලයේ සහ සාගරයෙහි ජලය විවිධ ආකාරයෙන් පවතී.
  • වාෂ්ප, වලාකුළු හා වර්ෂා ජලය
  • සාගර හා මුහුදෙහි ඇති ලවණ ජලය ලෙස
  • භූගත ජලය ලෙස
  • උත්තර හා දක්ෂිණ ධ්‍රැවයේ ඇති මිදුණු ජලය ලෙස
  • ගංගා හා විල්වල ඇති ජලය ලෙස 
  • ජීවී දේහ තුල පවත්නා ජලය ලෙස
පෘතුවියේ විවිධ ආකාරයට ජල ප්‍රභවයන් පැවතුනත් පානීය ජලය ලෙස භාවිත කල හැක්කේ 0.01% ප්‍රමාණයකි. 

ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වය 

  

 
වර්ෂනය ලෙස පොළවට පතිත වන ජලය ස්භාවයෙන්ම පිරිසිදු වුවද වායුගෝලයේ ඇති දූවිලි හා වායු වර්ග සමග එකතු වීීීීීමෙන්  අපිරිසිවේ. වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් කාබනික අම්ල නිපදවීම නිසා ස්භාවික වර්ෂා ජලය තරමක ආම්ලිකතාවයකින් යුක්ත වන අතරඑය pH අගය 5.6ක පමණ අගයක් ගනී.  pH අගය3ට වඩා අඩු වූ විට එය අම්ල වැස්සක් ලෙස හැදින්වේ.
    මිනිස් ක්‍රියාකාරකම් මගින් වායුගෝලයට එකතු වන සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රිජන් ඩයොක්සයිඩ් වැනි වායූන් වැසි ජලය සමග එකතු වීම නිසා සෑදෙන සල්ෆියුරික් හා නයිට්‍රික් අම්ලය හේතුවෙන් වර්ෂා ජලය අධික ලෙස ආම්ලිකවේ. 
    ආම්ලික වර්ෂා ජලය කාලයක් තිස්සේ පොළවට පතිත වීමෙන් පොළව තුලදී හුණුගල් වර්ෂා ජලයේ ඇති සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියාකිරීම මගින් කල්සියම් සල්ෆේට් බවට පත්වී ඒවා උල්පත් ජලයට එකතු වීමෙන් අහිතකර තත්ව ඇතිවේ. 

ජල සම්පත සුරක්ෂිත කර ගැනීම සදහා සැලකිය යුතු කරුණු 

ජලය අපවිත්‍ර වීමෙන් ජලජ ජීවීන් විනාශ වීමෙන් පරිසර තුල්‍යතාවයට ගැටළු ඇතිකෙරේ. අවිධිමත්ව අනවශ්‍ය ලෙස කෘෂිකාර්මික කටයුතුවලට එකතු කරන පොහොර වර්ග වර්ෂා ජලය සමග ජලාශවලට එකතු වීමෙන් ජලජ ශාඛ වර්ධණය වී ජලාශය වසා ගැනීම හේතුවෙන් ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම (සුපොෂණය) නිසාද ජලජ ජීවීන් වීනාශවේ. 
නූතනයේ අවිධිමත්ව බැහැර‌ කෙරෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල අඩංගු බැරලෝහ ජලයට එකතු වීම නිසා ජලජ ජීවීන්ගේ ශරීර වලට සහ  මිනිස් සිරුරට ඇතුළුවේ. එමගින් සුව කළ නොහැකි රෝග ඇතිවේ.  
ජලය දූෂණය වීම වැලැක්වීම සදහා ජල කළමණාකරණයට යොමු වීම වැදගත්වේ. 

ජලය දූෂණය වන අවස්ථා 
  • කර්මාන්ත අපද්‍රව්‍ය සහ ගෘහස්ථ කුණු කසල ගංගා ඇල දොල වෙත මුදා හැරීම 
  • නාගරික කැලි කසළ පානයකින් තොරව මුදා හැරීම.
  • කර්මාන්ත ශාලාවලින් ඉවත්වන අපද්‍රව්‍ය ජල ප්‍රභවයන් දූෂණය කරයි. (තෙල්පිරිපහදු කම්හල්, මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථාන , රේදි සායම් කරන කම්මල්, මධ්‍යසාර නිෂ්පාදන කම්හල්, ආහාර නිෂ්පාදන කම්හල්, මුද්‍රණ කටයුතු කරන ස්ථාන)
  • කෘෂිකාර්මික කටයුතු වලදී භාවිත‌ාා වන රසායනික පොහොර සහ කෘමි නාෂක නිසා
  • සත්ව ගොවිපලවල් වලින් ඉවතලන ද්‍රව්‍ය
  • සහල් සකසන මෝල් පිහිටි ස්ථාන වලින් ඉවත් කරන ද්‍රව්‍ය වලින් 
දූෂිත ජලයේ ස්භාවය 
  • ජලයේ අස්වාභාවික වර්ණ
  • pH අගය වැඩි  වීීී
  • උෂ්ණත්වය වැඩි වීම
  • ජලය තෛලමය තත්වයට පත්වෙයි
  • ජලයේ කඨිනත්වය වැඩි කරයි.
ජල දූෂණයේ ප්‍රථිපල

  • භාවිතයෙන් විවිධ ලෙඩ රෝග ඇතිවීම
  • ජල පෝෂක ප්‍රදේශ දූෂණය වීම
  • මත්ස්‍ය හා වෙවත් ජීවීන් විනාශ වීම
  • ධීවර කර්මාන්තය බිද වැටීම
  • කඩොලාන වැනි ශාක ප්‍රජාවන් විනාශ වීම 
  • ඇල්ගී, දියහබරල, සැල්වීනියා ශාක බහුලව වර්ධනය වීම

ජල දූෂණය වැලැක්වීමට නීති ක්‍රියාත්මක කරන ආයතන

  • පරිසර අධිකාරිය
  • නාගරික සංවර්ධන අධිකාරිය
  • ජල මුලාශ්‍ර සංරක්ෂණ මණ්ඩලය
  • ජාතික ජලජ සම්පත් පර්යේෂණ ආයතනය
  • ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණිඩලය
  • වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • පළාත් පාළන ආයතන 

Comments

Popular

සම්ප්‍රේෂණ පද්ධතිය - ක්ලච්

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2