ගෘහස්ථ ජල සම්පාදනය - 2
ජල ප්‍රභවයකින් ජලය ලබා ගැනීම
ජලය ලබා ගත හැකි මූලාශ්‍ර ජල ප්‍රභව ලෙස හැදින්වේ. ඒවා ව්‍යාප්ත වී ඇති ස්භාවය අනුව ප්‍රධාන වශයෙන් මතුපිට ජලය හා භූගත ජලය ලෙස වර්ගීකරණය කළ හැක.
මතුපිට ජලය
ශ්‍රි ලංකාවේ මතුපිට ජල ප්‍රභව , ගංගා , ඇළ දොළ , ජලාශ සහ වැව් ලෙස වර්ගීකරණය කල හැක.
භූගත ජලය
ළිං සහ නළ ළිං ලෙස ප්‍රධාන වශයෙන් වර්ගීකරණය ක හැක. තැම්පත්ව ඇති භූගත ජලය වැඩි වශයෙන් ලබා ගනුයේ නොගැඹුරු ළිං මගිනි. තද පාෂාන ඇති ප්‍රදේශ වල කුස්තුර , පැලුම් හා විවර තුළ භූගත ජලය විශාල ලෙස රදා පවතින අතර එම ජලය නළ ළිං මගින් ලබාගැනේ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ වල භූගත ජල ද්‍රොණි පීඩනයට ලක්ව පවතී. එවැනි ස්ථානවල ජලධරය දක්වා හෑරීම හේතුවෙන් ස්භාවිකවම ජලය මතුපිටට ගලා ඒම සිදුවේ. ඒවා ආටිසියානු ළිං වශයෙන් හැදින්වේ.
ඉහත දැක්වූ ජල ප්‍රභව වලට අමතරව විශාල ජල උල්පත් ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්තව පවතී.
කඨින ජලය සහ මෘදු ජලය
කඨිනත්වයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ජලයේ කැල්සියම් හා මැග්නීසියම් ලෝහ අයන පැවතීමයි. එයට හේතු වන්නේ පසේ ස්භාවය වන අතර පසට කැල්සියම් හා මැග්නීසියම් ලෝහ අයන එතකු වන්නේ කණිජ මගිනි. ජලයේ පවතින කඨිනත්වය ස්ථීර හෝ තාවකාලික විය හැක. තාවකාලික කඨිනත්වය වතුර රත් කිරීම මගින් ඉවත් කළ හැකිය. ස්ථීර කඨිනත්වය ඉවත් කිරීමට රසායනික ද්‍රව්‍ය කත් කල යුතුය. කඨීනත්වය ප්‍රකාෂ කරනුයෙ ලීටරයට මිලිග්රෑ්ම් ( l mg -1 ) හෝ මිලියනයකට කොටස් (ppm) වශයෙනි .
ඒ අනුව මිලියනයකට කොටස් 150 ට අඩු අඩු ජලය මෘදු ජලය ලෙසද, 150 සිට 200 දක්වා මධ්‍යස්ථ කඨින ජලය ලෙසද මිලියනයකට කොටස් 300කට වඩා වැඩි ජලය කඨින ජලය ලෙසද වර්ගීකරණය කරයි.
ශ්‍රී ලංකාවේ තෙත් කළාපයේ ළිං, ඇල දොල වල පවතින ජලයේ කඨිනත්වය බොහෝ විට මිලියනයකට කොටස් 100කට වඩ අඩු වන අතර වියලිි කළාපයේ හා යාපනය අර්ධද්වීපයේ ඇති ජලයේ කඨීනත්වය ඇතැම් අවස්ථාවල මිලියනයකට කොටස් 300කට වඩා වැඩිවේ.
ජලය පිරිසිදු කර බෙදා හැරීම
ජලය බෙදාහැරීමේ පියවර 3කි.
- ජලය ලබාගැනීම
- පිරිපහදුව
- බෙදාහැරීම
පානීය ජලයේ තිබිය යුතු ගුණාත්මක තත්ව
- රෝග කාරක බැක්ටීරියා හා වෛරස් වලින් තොරවිය යුතුයි
- පාට රහිත විය යුතුයි
- විනිවිද පෙනිය යුතුයි
- උෂ්ණත්වය සාමාන්‍යමටිටමක පැවතිය යුතියි
- නැවුම් විය යුතුයි
- අමුතු රසයක් හෝ ගන්ධයක් හෝ ඇති නොකල යුතුයි
- ද්‍රාව්‍ය ඔක්සිජන් අඩංගු විය යුතුයි
- විෂදායක ද්‍රව්‍ය වලින් තොරවිය යුතුයි
- විවිධ රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අවම විය යුතුයි
- මළ බැදීම් තත්වයක් ඇති නොකළ යුතුය
- ප්‍රමාණවත් කඨිනත්වයක් තිබිය යුතුය
පානීය ජල සම්පාදන ක්‍රම
විවධ දූෂක දුව්‍ය ඒකතුු වීමෙන් ජලයේ ගුණාත්මක භාවයපිරිහී භාවිතයට නුසුදුසු තත්වයට පත්වේ. මෙය ගැටළුවත් බැවින් දූෂනයට හේතු වූ ද්‍රව්‍ය ජලයෙන් ඉවත් කර නැවත භාවිතයට ගත හැකි තත්වයට පත්කකළ යුතුවේ. මේ අනුව ජලයට මුසුවී ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය , ජෛවීය සම්බන්ධතාවයක් සහිත දූෂක , අනෙකුත් ඝන ද්‍රව්‍ය සහ ද්‍රාවණය වී ඇති අහිතකර වායුන් වැනිදේ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ජල පවිත්‍රකරණයයි.
මෙහිදී ප්‍රභවයේ සිට සේවා ජලාශය දක්වා සැපයුම් පද්ධතිය ප්‍රථමික ජල සැපයුම් පද්ධතිය ලෙසත්, එහි සිට පාරිභොගිකයා දක්වා සැපයුම් පද්ධතිිිිිිිය ද්විතීයික ජල සැපයුම් පද්ධතිය ලෙසත් හැදින්වේ.
පානීය ජල පවිත්‍රකරණයේ පියවර
මීට අමතරව ස්භාවිකව ජලය පිරිපහදු වන අවස්ථාද දැකිය හැකිය.
- ජලය බාධකවල හැපී ගලා යෑමේදී ස්භාවිකව වාතනය වේ.
- තුනී පටලයක් ලෙස හිරු ළියට නිරාවරණය වූ විට විෂබීජ නාශනයවේ
- ජලාශයක කාලයක් රැදී තිබීමේදී රොන් බොර ලෙස තැම්පත්වේ.
අභ්‍යාස
- ජල සම්පත සුරක්ෂිත කර ගැනීමට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
- ජලයේ ව්‍යාපිතිය විස්තර කරන්න.
- ජල චක්‍රයේ විවිධ අවස්ථාවල වැදගත්කම විස්තර කරන්න.
- ජලය දූෂණය වන අවස්ථා ජල චක්‍රය ආශ්‍රයෙන් පැහැදිලි කරන්න.
- එක් එක් ප්‍රදේශ වල ජල ප්‍රභවයන්ගේ සංයුතියේ වෙනසට හේතු දක්වන්න.
- කෘතීම හා ස්භාවික සංසිද්ධි මගින් ජල පවිත්‍රකරණය සිදුවන ආකාරය විස්තර කරන්න.
- ප්‍රාථමික ජල ප්‍රභව තුනක් නම් කරන්න.
- ස්භාවික පිරිපහදුව සලකමින් වැව හා ගග සංසන්දනය කරන්න.
- ජල පිරිපහදුවේ පියවර විස්තර කරන්න.
Comments
Post a Comment