ඉංජිනේරු ඇදීම (Engineering Drawing ) -7
රූපීය පෙනුම
ඉංජිනේරුමය කාර්යයන් සදහා සැලසුම් චිත්‍ර ඇදීමේදී තනා නිම කිරීමට අපේක්ෂිත භාණ්ඩයේ නිපදවීම් කටයුතු සදහා අදාල තොරතුරු දැක්වීමට අවම වශයෙන් ඉදිරිපසින් , පැත්තෙන් හා ඉහලින් සෘජුව පෙනෙන ආකාරයත් සදා නිමකල පසුු පෙනුම දැක්වෙන රූපීය පෙනුම දැක්වීමත් ඇද දැක්වීම වැදගත්වේ. යම් වස්තුවක දිග, පළල , උස යන මාන තුනම දැක්වෙන පරිදි අදින ලද රූපයක් රූපිය පෙනුමක් ලෙස දැක්විය හැකිය. ඝන වස්තු වල සැබෑ ස්වරූපය ඉදිරිපත් කිරීමටත් , එය විස්තර තවත් පුළුල්ව පෙන්වීමටත් රූපිය පෙනුම අදිනු ලැබේ. උපකරණ භාවිතයෙන් අදිනුු ලබන රූපීය පෙනුම් වර්ග කිහිපයකි.
පර්යාලෝක පෙනුම (Perspective method)
බොහෝ විට චිත්‍ර ශිල්පීන් විසින් භාවිත කරන මෙම පෙනුම ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් විචිත්‍රත්වය පෙන්වීම සදහා භාවිත කෙරේ. වස්තුවේ දිග , පළල , උස පිළිබද අනුපාතයන් ගැන අවබෝධයක් ලබා ගැනීම අසීරු වේ. තුන් ආකාරයකින් භාවිතාවේ.
එක් ලක්ෂ්‍යකින් යුත් පර්යාලෝක පෙනුම
ලක්ෂ්‍ය දෙකකනින් යුත් පර්යාලෝක පෙනුම
ලක්ෂ්‍ය තුුුුුුුනකින් යුත් පර්යාලෝක පෙනුම
සමාන්තර ක්‍රමය (Parallel Method)මෙහිදී තිරස්, සිරස් සහ අංශක 45ක ආනතියක් සහිත රේඛා 3ක් භාවිත වේ. ඇදීමට අවශ්‍ය වස්තුව මැන එහි දිග මිනුම් තිිරස් අක්ෂයේද, උස මිනුම් සිරස් අක්ෂයේද සලකුණු කරන්න. ගැඹුර දැක්වීම සදහා ආනත රේඛාවක් මත සත්‍ය ගැඹුරෙහි මානයෙන් හරි අඩක් ආනත රේඛාව මත සලකුණු කරන්න. ඉන්පසු රූපයට අදාල අනෙකුත් රේඛා ඇදීම කළ යුතුය .
මෙම රූපීය ක්‍රමයද අක්ෂ තුනම උපයෝගී කරගෙන අදිනු ලැබේ. මෙයින් ඉදිරි මුහුණත ඇදිය යුතු අක්ෂය තිරසට අංශක 7ක් ආනතව පිහිටා ඇති අතර අනෙක් අක්ෂය එනම් එහි උස ඇද දැක්විය යුතු අක්ෂය සිරස්ව අදිනු ලැබේ. වස්තුවේ ගැඹුර දැක්විය යුතු අක්ෂය තිරසට අංශක 42ක ආනතියක් මත පිහිටුවා ඇත.
මේ ආකරයට ඇදීමේදී වස්තුේ උස ප්‍රමාණය චිත්‍රයේ උස වශයෙන්ද, වස්තුවේ දිග චිත්‍රයේ දිග වශයෙන්ද, සලකුණු කළ යුතු අතර , වස්තුවේ ගැඹුර චිත්‍රයේ සලකුණු කළ යුත්තේ නියමිත මිනුමෙන් අඩක් වශයෙනිිිි. නමුත් මිනුම් දැක්වීමේදී සැබෑ මිනුම චිත්‍රය තුල දැක්විය යුතුය.
මෙම රූපීය ක්‍රමයද අක්ෂ තුනම උපයෝගී කරගෙන අදිනු ලබන අතර මෙහි විශේෂත්වය නම් අක්ෂ තුනෙහිම කෝණික අගය එක සමාන අගයක් ගැනීමයි. එනම් අක්ෂ තුන අතරම කෝණය අංශක 120 කි. මෙම ක්‍රම භාවිත කරමින් ඇදීමේදී y අක්ෂය සිරස්වද, ඊට 1200 ආනතව දෙපසින් x හා z අක්ෂද පිහිටුවනු ලැබේ. මෙම පාදවලට සමාන්තරව අනෙක් පාද ඇදීම කල යුතුය.
පැත්තක දිග 40mm වන ඝනකයක් සමාංශක ක්‍රමයට ඇදීම.
o මූල ලක්ෂ්‍යය ලකුණූ කර x, y, z ලෙස සමාංශක අක්ෂ අදින්න.
දැන් 40mm බැගින් අදාළ අක්ෂ මත ලකුණූ කරන්න.
දැන් x අක්ෂය මත ලකුණු කල 40mm දිග රේඛාව අවසානයේ y හා z අක්ෂ වලට සමාන්තර රේඛා අදින්න.
එමෙන්ම y හා z අක්ෂ වල ලකුණු කරගත් 40mm දිග රේඛාව අවසානයේ සමාන්තර රේඛා අදින්න.
වෘත්තය ඇදීමට අවශ්‍ය පෘෂ්ඨයේ විෂ්කම්භයට සමාන පාද සහිත චතුරශ්‍රයක් සමාංශක ක්‍රමය භාවිතයෙන් අදින්න.
එහි දිගම විකර්ණය අදින්න. පාද සියල්ලේම මධ්‍ය ලක්ෂ ලකුණු කරන්න.
මධ්‍ය ලක්ෂ්‍ය 2ක් එහි සම්මුඛ කෝණ 2කට යා කරන්න.
එම රේඛාවේ දිග අරය ලෙස ගෙන කෝණයේ ශීර්ෂය කේන්ද්‍රය ලෙස ගෙන වාපයක් අදින්න. එලෙසම අනෙක් ශිර්ෂයේ සිටද චාපයක් අදින්න.
දිගම විකර්ණය සහ මධ්‍යලක්ෂ හා ශීර්ෂය යා කල රේඛාව ඡේදනය වන ස්ථානයේ කවකට්ට තබා එහි සිට මධ්‍යලක්ෂයට දුර අරය ලෙස ගෙන ඉතිරි කොටස් සම්පූර්ණ කරන්න.
අභ්‍යාස
සම්මත රාමුව ඇද ඒ තුල පිටපත් කරන්න.
Madam samahara video wada nene
ReplyDelete