ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3
ඉංජිනේරු ඇදීමේදී භාවිත වන විවිධ සම්මත
අකුරු හා ඉලක්කම්
සැලසුම් චිත්‍ර ඇදීමේදී අකුරු හා ඉලක්කම් ලිවීමට සිදුවන අතර ඒවා ලිවීමට සම්මත නීති රීති පවතී.
- ඉලක්කම් හා ඉංග්‍රීසි අකුරු ලිවීමේ මිනුම්
- ඉලක්කම් හා සිංහල අකුරු ලිවීමේ මිනුම්
ප්‍රධාන මාකෘකා 5mm , අනු මාතෘකා 3.5mm , සටහන් 2.5 mm උස ප්‍රමාණවලින් ලිවිය යුතු අතර කැපිටල් අකුරු පමණක් භාවිතවේ .
උදාහරණ -
ක ග ච ජ ට ඩ ණ න ද න ප බ ම ය ර ල ව ස හ ළ සම්මත පරිමාන
යම් කිසි වස්තුවක් කඩදාසිය තුල ඇදීමේ හා පැහැදිලිව කියවා ගැනීමේ පහසුව තකා එහි සැබෑ ප්‍රමාණයට වඩා කුඩාකර ඇදීම, එම ප්‍රමාණයෙන්ම ඇදීම හෝ විශාල කර ඇදීම පරිමාණයට ඇදීම ලෙස හැදින්වේ.
සම්පූර්ණ ප්‍රමාණයේ පරිමාණ - වස්තුවක් ඒහි සැබෑ මිනුම් වලටම ඇදීමේ කඩදාසියේ ඇදීම . පරිමාණය අනඅපාතයක් ලෙස මෙසේ දක්වයි. 1:1
විශාල කළ පරිමාණ - ඔරලෝසුවක දැති රෝදයක් වැනි කුඩා වස්තුවක් විශාල කර ඇදීමයි. පරිමාණය අනුපාතයක් ලෙස 2:1, 10:1 100:1 දක්වයි
කඩා කළ පරිමාණ - නිවාස සැලැස්මක් වැනි විශාල වස්තුවක් කුඩා කර ඇදීමයි. පරිමාණය අනුපාතයක් ලෙස 1:100, 1:50000, 1:10 දක්වයි.
පරිමාණ සැකසීම
- ගණනය කිරීම මගින්
පරිමාණ භාගය = චිත්‍රය
මත ඇති දුර
වස්තුවේ නියමිත ප්‍රමාණය
උදා - 1:50 පරිමාණය භාවිතා කර අදිනු ලබන සැලැස්මක 2.7 m ක් පෙන්වීම සදහා කොපමන දුරක් ඇදිය යුතුද?
( 1:50 යන්නෙන් අදහස් වන්නේ කඩදාසිය මත ඇද ඇති 1m ක් මගින් 50m ක් නිරූපණය කරන බවයි.)
1/50 = චිත්‍රය මත ඇති දුර / 2.7 * 1000
චිත්‍රය මත ඇති දුර (ඇදිය යුතු දුර) = (1 * 2700)/50 = 54 mm
- පරිමාණ ඇදීම මගින්
This comment has been removed by the author.
ReplyDeleteමැඩම් video එක play වෙන් නෑ
ReplyDeleteMadam video eka wada karanne nane
ReplyDeleteමැඩම් මිනුම් ලබා ගැනීමේ කියන 7 වෙනි ප්‍රශ්නෙට අදාල ඉතුරු ටික නෑ එක නෑ.ඒකෙ රූපසටහන් දීලත් නෑ ...
ReplyDeleteMadam samahara image kapila thithiyen..15 th kapila.
ReplyDelete