Posts

ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3

Image
  ඉංජිනේරු ඇදීමේදී භාවිත වන විවිධ සම්මත  අකුරු හා ඉලක්කම්     සැලසුම් චිත්‍ර ඇදීමේදී අකුරු හා ඉලක්කම් ලිවීමට සිදුවන අතර ඒවා ලිවීමට සම්මත නීති රීති පවතී.  ඉලක්කම් හා ඉංග්‍රීසි අකුරු ලිවීමේ මිනුම්  ප්‍රධාන මාකෘකා 7mm , අනු මාතෘකා 5mm , සටහන් 3mm උස ප්‍රමාණවලින් ලිවිය යුතු අතර කැපිටල් අකුරු පමණක් භාවිතවේ . උදාහරණ -  A   B   C   D    E   F   G   H   I   J   K   L  M   N   O   P   Q   R   S   T   U   V   W   X    Y  Z    1   2    3   4     4   5   6    7    8   9   0 ඉලක්කම් හා සිංහල අකුරු ලිවීමේ මිනුම්  ප්‍රධාන මාකෘකා 5mm , අනු මාතෘකා 3.5mm , සටහන් 2.5 mm උස ප්‍රමාණවලින් ලිවිය යුතු අතර කැපිටල් අකුරු පමණ...

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2

Image
 ඉංජිනේරු ඇදීමේදී භාවිතයට ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තැනීමට අරමුණු කර ගන්නා භාණ්ඩය හෝ ඉදිකිරීම සදහා අදිනු ලබන සැලසුම් චිිත්‍ර පැහැදිලිව හා නිවැරදිව ඇදීම සදහා තත්වයෙන් උසස් උපකරණ හා ඇදීම් ද්‍රව්‍ය භාවිතවේ. ඇදීමේ කඩදාසි  භාවිත කඩදාසි ව තිබිය යුතු ගුණාංග සම්මත ප්‍රමාණයන්ට අනුකූල වීම වැඩි ඝණකමකින් යුක්ත වීම සාමාන්‍ය කඩදාසියකට වඩා මදක් රළු වයනයකින් යුතු මතුපිටක් තිබීම.( එමගින් කඩදාසිය මත පැන්සල ලිස්සා නොයෑම නිසා වඩා පහසුවෙන් හා පැහැසිලිව චිත්‍රය ඇදිය හැක.) අන්තර් ජාතික ප්‍රමිති සංවිධානයට අනුව ඇදීමේ කඩදාසි වර්ගීකරය. සැලසුම් චිත්‍ර ඇදීම සදහා ප්‍රමාණයේ A0 සිට  A4 දක්වා ප්‍රමාණයේ කඩදාසි භාවිතවේ. කඩදාසි වල ඝනකම මනිනු ලබන්නේ කඩදාසි වර්ග මිටරයක බර ග්රෑම් වලිනි (GSM) . මීට අමතරව පිටපත් කිරීමේ කඩදාසිද භාවිතවේ.  පැන්සල් විවිධ බද හැඩය සහිත පැන්සල් භාවිතයේ තිබුනද ඇදීම සදහා භාවිත වන්නේ රවුම් හැඩයේ පැන්සල්වේ. පැන්සලේ සදහන් කර ඇති HB, 1H, 2H, 1B, ........................අක්ෂර මගින් එමගින් අදිනු ලබන රේඛාවේ පැහැය පිළිබද අදහසක් ලබාදේ . H අකුරින් මිනිරන්ද වල තද  භාවයද B අක්ෂරය මගින් මිනිර...

ඉංජිනේරු ඇදීම (Engineering drawings )

Image
හැදින්වීීීම      තාක්ෂණවේදීන්ගෙ තොරතුරු හුවමාරු කර ගැනීමේ මාධ්‍ය සැලසුම් චිත්‍ර ලෙස හැදින්විය හැකිය. භාණ්ඩයක් නිපදවීමට පෙර හෝ ඉදිකිරීමක් සිදු කිරීමට පෙර පළමුව සිදු කරණුුුු යේයේ සැලසුම් ඇදීමයි. මෙහිදී සැලසුම් සකස් කිරීම වෙනත් පිරිසක් අතින් සිදු කෙරෙන අතර භාණ්ඩය නිපදවීම සිදුවන්නේ වෙනත් පාර්ශවයක් අතිනි. එහිදී නිමැවුම හෝ ඉදිකිරීම සම්බන්ධ බොහෝ දත්ත හුවමාරු විය යුතුය. ඒ සදහා පහසුම මාධ්‍ය රූපමය මාධ්‍යයි. එය භාශාවකට සම වන අතර එහි ප්‍‍‍රාථමිකම ක්‍‍රමය කටු සටහන් ඇදීමයි. මෙහිදී ජාමිතික උපකරණ කිසිවක් භාවිත නොකරයි. එහෙත් කටු සටහනක් මගින් ප්‍‍‍රමාණය පිළිබද දල අදහසක් ලබා දිය හැකි වුවද සියලුම දත්ත හුවා දැක්වීම අපහසු වීම නිසා විධිමත් ඉංජිනේරු ඇදීම දක්වා මෙය පරිණාමය වීීී ඇත.      සාමාන්‍ය භාෂාවක මෙන්ම ඉංජිනේරු ඇදීමේද සම්මත දක්නට ලැබෙන අතර ඒවා ජ්‍යාමිතික සිද්ධාන්ත මත පදනම් වී ඇත. ශ්‍රි ලංකාවේ දැනට භාවිත කරනු ලබන්නේ ශ්‍රිි ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කර ඇති SLS 409 Engineering drawing practice යන සම්මතය වන අතර එය බොහෝ දුරට බ්‍රිතාන්‍ය සම්මතBS 308 ප්‍රමිතියට සමාන වේ. ...

ප්‍රතිිිිිිිරෝධ, ධාරීත්‍රක, ප්‍රේරක සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාවට සම්බන්ධ කිරීම

Image
1. ප්‍රතිරෝධ, ධාරිත්‍රක , ප්‍රේරක වෙත සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ථ ධාරාව සැපයීමේදී  සටහන් විසදු  ගැටළු  1)       1000 µF ධාරණාවක් සහිත ධාරීත්‍රකයක් හා 100 Ω ප්‍රතිරෝධයක් සහිත පරිපථයකට 12 V සැපයුමක් ලබා දුන්විට කාලනියතය ගණනය කරන්න. ධාරීත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට හා විසර්ජනය වීමට ගතවන කාලය සොයන්න. T = RC = 100 x 1000 x 10 -6    S = 0.1 S ධාරීත්‍රකය සම්පූර්ණයෙන් ආරෝපණය වීමට = 5T = 0.1 x 5 = .5 S විසර්ජනය වීමට ගතවන කාලය = 5T = 0.1 x 5 = .5 S 2)       50 µF ධාරිත්‍රකයක් දෙපසට 100 V හා 50 Hz ප්‍රත්‍යාවර්ථ සැපයුමක් ලබා දුන්විට, ධාරිත්‍රක ප්‍රතිභාධනය හා ධාරාව ගණනය කරන්න. x c = 1/ 2 π fc = 1/ 2 π x 50 x 50 x 10 -6    = 1.59 Ω 3)       7Ω වන ප්‍රතිරෝධයක් හා 5F   වන ධාරිත්‍රකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කර එයට 100 V හා 50 Hz සැපයුමක් ලබාදී ඇති විට පහත පරාමිතීන් ගණනය කරන්න. a)       ධාරිත්‍රකය හරහා ප්‍රතිභාධනය x c = 1/ 2 π fc = x c = 1/ 2 π x...