Posts

ඉංජිනේරු ඇදීම (Engineering Drawing ) -7

Image
 රූපීය පෙනුම  ඉංජිනේරුමය කාර්යයන් සදහා සැලසුම් චිත්‍ර ඇදීමේදී තනා නිම කිරීමට අපේක්ෂිත භාණ්ඩයේ නිපදවීම් කටයුතු සදහා අදාල තොරතුරු  දැක්වීමට අවම වශයෙන් ඉදිරිපසින් , පැත්තෙන් හා ඉහලින් සෘජුව පෙනෙන ආකාරයත් සදා නිමකල පසුු පෙනුම දැක්වෙන රූපීය පෙනුම දැක්වීමත් ඇද දැක්වීම වැදගත්වේ. යම් වස්තුවක දිග, පළල , උස යන මාන තුනම දැක්වෙන පරිදි අදින ලද රූපයක් රූපිය පෙනුමක් ලෙස දැක්විය හැකිය. ඝන වස්තු වල සැබෑ ස්වරූපය ඉදිරිපත් කිරීමටත් , එය විස්තර තවත් පුළුල්ව පෙන්වීමටත් රූපිය පෙනුම අදිනු ලැබේ. උපකරණ භාවිතයෙන් අදිනුු ලබන රූපීය පෙනුම් වර්ග කිහිපයකි.  පර්යාලෝක පෙනුම (Perspective method)  බොහෝ විට චිත්‍ර ශිල්පීන් විසින් භාවිත කරන මෙම පෙනුම ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් විචිත්‍රත්වය පෙන්වීම සදහා භාවිත කෙරේ. වස්තුවේ දිග , පළල , උස පිළිබද අනුපාතයන් ගැන අවබෝධයක් ලබා ගැනීම අසීරු වේ. තුන් ආකාරයකින් භාවිතාවේ.  එක් ලක්ෂ්‍යකින් යුත් පර්යාලෝක පෙනුම  ලක්ෂ්‍ය දෙකකනින් යුත් පර්යාලෝක පෙනුම ලක්ෂ්‍ය තුුුුුුුනකින්  යුත් පර්යාලෝක පෙනුම සමාන්තර ක්‍රමය (Parallel Method) මෙහිදී තිරස්, සිරස් ...

ශීතකරණ ක්‍රියාවලිය (තරල යන්ත්‍ර 6 කොටස)

Image
 ශිතකරණ ක්‍රියාවලිය  වීඩියෝ  ශීතකරණ ක්‍රියාවලිය ඉහත වීඩියෝව නරඹා පහත ප්‍රශ්න වලට පිළීතුරු සපයන්න. 1. ගෘහස්ථ ශීතකරණයක සිසිලන පද්ධතියේ ප්‍රධාන අවයව නම් කරන්න. 2. ගෘහස්ථ ශීතකරණයක ශීතකරණ ක්‍රියාවලිය සිදුවන අයුරු රූූූූූූපසටහනක් ඇසුරිිිින් විස්තර කරන්න. 3. ශීතකරණ භාවිතයේදී විදුලිය වැය වීම අසාමාන්‍ය ලෙස ඉහල යෑමට හේතු දක්වන්න. 

ඉංජිනේරු ඇදීම (Engineering Drawing) - 6

Image
 කේතුක ඛණ්ඩ  අභ්‍යාස  1. මහා අක්ෂ්‍ය 40mm හා සුලු අක්ෂය 20mm වූූ ඉලිප්සය ඉහත ආකාර තුනටම ඇද දක්වන්න. 2. නියාමන අක්ෂය හා නාභිය අතර දුර 30mm වූ පරාවලය නිර්මාණය කරන්න. 3. නියාමන අක්ෂය හා නාභිය අතර දුර25mmක් වූ සහ නියාමන අක්ෂයට හා නාභියට ඇති දුර අතර අනුපාතය 1ට 3ක් වූ බහුවලය නිර්මාණය කරන්න.

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 5

Image
 ස්ඵර්කශ නිර්මාණය කිරීම රේඛාවකට වෘත්තයක් ස්ඵර්ශ කිරීම වෘත්තයේ අරයට සමාන දුරකින් රේඛාවට සමාන්තර රේඛාවක් ඇද වෘත්තය ඇදීම. එකිනෙකට ලම්භක රේඛා දෙකකට ස්ඵර්ශ වන වෘත්තයක් ඇදීම. වෘත්තයේ අරයට සමාන දුරකින් රේඛාවන් දෙකටම සමාන්තර රේඛා ඇදීම. එම රේඛා දෙක ඡේදනය වන ස්ථානය වෘත්තයේ කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තය ඇදීම. එකිනෙකට මහා කෝණයකින් සම්බන්ධ වන රේඛා දෙකකට ස්ඵර්ශ වන වෘත්තයක් ඇදීම. වෘත්තයේ අරයට සමාන දුරකින් රේඛාවන් දෙකටම සමාන්තර රේඛා ඇදීම. එම රේඛා දෙක ඡේදනය වන ස්ථානය වෘත්තයේ කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තය ඇදීම. එකිනෙකට සුළු කෝණයකින් සම්බන්ධ වන රේඛා දෙකකට ස්ඵර්ශ වන වෘත්තයක් ඇදීම. වෘත්තයේ අරයට සමාන දුරකින් රේඛාවන් දෙකටම සමාන්තර රේඛා ඇදීම. එම රේඛා දෙක ඡේදනය වන ස්ථානය වෘත්තයේ කේන්ද්‍රය ලෙස ගෙන වෘත්තය ඇදීම.       බාහිර ලක්ෂ්‍යක සිට වෘත්තයකට ස්ඵර්ශකයක් ඇදීම    අරයෙන් සමාන වෘත්ත දෙකකට තීර්යක් පොදු ස්ඵර්ශකය ඇදීම  අරයෙන් අසමාන වෘත්ත දෙකකට තීර්යක් පොදු ස්ඵර්ශකය ඇදීම  වෘත්ත දෙකෙහි මධ්‍ය ලක්ෂ්‍ය යා කොට ලැබෙන රේඛාව සමච්ඡේදකය කරන්න. එම ලක්ෂ්‍ය මධ්‍ය ලක්ෂ්‍ය ලෙස හා වෘත්ත දෙකෙහි මධ්‍යලක්ෂ ...

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 4

Image
 ජ්‍යාමිතික නිර්මාණ  සරල රේඛාව - ලක්ෂ්‍ය දෙකක් අතර සෘජුව අදින ලද රේඛාව වක්‍ර රේඛා - යම් ලක්ෂ්‍යයක් වටා නියමිත දුරකින් අදින රේඛා කෝණ -  0 0 - 90 0   කෝණ සුලු කෝණ 2  සෘජු කෝණ 90 0 3 මහා කෝණ  90 0 - 180 0    4 සරල කෝණය  180 0 5 පරාවර්ථන කෝණ  180 0 - 360 0    * විහිත චතුරස්‍ර භාවිතනයෙන් ඇදිය හැකි කෝණ   30 0 , 45 0 ,   60 0 ,   90 0 , 120 0 ,   135 0 , 150 0 , 75 0 , 135 0 , 90 0 , 60 0 , 180 0 , 15 0       කෝණයක් පිටපත් කිරීම  දෙන ලද කෝණය ABC ලෙස නම් කරන්න. රේඛාවක් ඇද එහි BC දුර ලකුණු කර එය B1C1 ලෙස නම් කරන්න. කවකට්ටට කැමති දුරක් ගෙන B කේන්ද්‍ර කරගනිමින් චාපයක් අදින්න. එම චාපය ඡේදනය වන ස්ථාන D සහ E ලෙස නම් කරන්න. එම අරයම ගෙන B1 කේන්ද්‍ර කර ගනිමින් චාපයක් ඇද එන  B1C1 ඡේදනය වන ස්ථානය  E 1 ලෙස නම් කරන්න.D E දුර කවකට්ටට ගෙන E 1 කේන්ද්‍ර කර ගනිමින් කලින් අදින ලද චාපය ඡේදනය කර එම ඡේදිත ලක්ෂ්‍ය D1 ලෙස නම් කර B1D1  යා කිරීමෙන් ABC කෝණයට සමාන A1B1C1 කෝණය ලබා...

ඉංජිනේරු ඇදීම (Engineering Drawings ) - 3

Image
  ඉංජිනේරු ඇදීමේදී භාවිත වන විවිධ සම්මත  අකුරු හා ඉලක්කම්     සැලසුම් චිත්‍ර ඇදීමේදී අකුරු හා ඉලක්කම් ලිවීමට සිදුවන අතර ඒවා ලිවීමට සම්මත නීති රීති පවතී.  ඉලක්කම් හා ඉංග්‍රීසි අකුරු ලිවීමේ මිනුම්  ප්‍රධාන මාකෘකා 7mm , අනු මාතෘකා 5mm , සටහන් 3mm උස ප්‍රමාණවලින් ලිවිය යුතු අතර කැපිටල් අකුරු පමණක් භාවිතවේ . උදාහරණ -  A   B   C   D    E   F   G   H   I   J   K   L  M   N   O   P   Q   R   S   T   U   V   W   X    Y  Z    1   2    3   4     4   5   6    7    8   9   0 ඉලක්කම් හා සිංහල අකුරු ලිවීමේ මිනුම්  ප්‍රධාන මාකෘකා 5mm , අනු මාතෘකා 3.5mm , සටහන් 2.5 mm උස ප්‍රමාණවලින් ලිවිය යුතු අතර කැපිටල් අකුරු පමණ...

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 2

Image
 ඉංජිනේරු ඇදීමේදී භාවිතයට ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තැනීමට අරමුණු කර ගන්නා භාණ්ඩය හෝ ඉදිකිරීම සදහා අදිනු ලබන සැලසුම් චිිත්‍ර පැහැදිලිව හා නිවැරදිව ඇදීම සදහා තත්වයෙන් උසස් උපකරණ හා ඇදීම් ද්‍රව්‍ය භාවිතවේ. ඇදීමේ කඩදාසි  භාවිත කඩදාසි ව තිබිය යුතු ගුණාංග සම්මත ප්‍රමාණයන්ට අනුකූල වීම වැඩි ඝණකමකින් යුක්ත වීම සාමාන්‍ය කඩදාසියකට වඩා මදක් රළු වයනයකින් යුතු මතුපිටක් තිබීම.( එමගින් කඩදාසිය මත පැන්සල ලිස්සා නොයෑම නිසා වඩා පහසුවෙන් හා පැහැසිලිව චිත්‍රය ඇදිය හැක.) අන්තර් ජාතික ප්‍රමිති සංවිධානයට අනුව ඇදීමේ කඩදාසි වර්ගීකරය. සැලසුම් චිත්‍ර ඇදීම සදහා ප්‍රමාණයේ A0 සිට  A4 දක්වා ප්‍රමාණයේ කඩදාසි භාවිතවේ. කඩදාසි වල ඝනකම මනිනු ලබන්නේ කඩදාසි වර්ග මිටරයක බර ග්රෑම් වලිනි (GSM) . මීට අමතරව පිටපත් කිරීමේ කඩදාසිද භාවිතවේ.  පැන්සල් විවිධ බද හැඩය සහිත පැන්සල් භාවිතයේ තිබුනද ඇදීම සදහා භාවිත වන්නේ රවුම් හැඩයේ පැන්සල්වේ. පැන්සලේ සදහන් කර ඇති HB, 1H, 2H, 1B, ........................අක්ෂර මගින් එමගින් අදිනු ලබන රේඛාවේ පැහැය පිළිබද අදහසක් ලබාදේ . H අකුරින් මිනිරන්ද වල තද  භාවයද B අක්ෂරය මගින් මිනිර...