Posts

ගෘහස්ථ ජල සම්පාදනය - 4

Image
 ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියක් සකස් කිරීම මනිසා ගේ දෛනික කාර්යයන් සංකීර්ණ වීම නිසා නොයෙකුත් කාර්යයන් පහසුවෙන් කර ගැනීමට පෙළඹී ඇත. ජලය ලබා ගැනීමට ජල මූලාශ්‍ර වෙත යාමට වඩා ජල මූලාශ්‍ර වලින් නිවසට ජලය ලබාගෙන ඒවා ගබඩාකර අවශ්‍ය ස්ථානවලදී භාවිතයට ගැනීම සදහා අදාල වන පද්ධතීන් සැලසුම් කර ස්ථාපනය කර ගැනීමට බොහෝ දෙනා පෙළඹී ඇත. මේ නිසා පිරිසිදු කළ ජලය පහසුවෙන් නිවාස වලට ලබා ගැනීමට අවශ්‍ය වන පරිදි නිවාසවල මෙම පද්ධති නියමිත උපාංග භාවිත කරමින් ස්ථාපනය කර ඇත. ගෘහස්ථ ජල සම්පාදන පද්ධතියක කොටස්  සේවා නලය - ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය මගින් පිරිපහදු කරන ලද ජලය නල මාර්ග ඔස්සේ නිවාස වලට බෙදා හරින අතර බොහෝ අවස්ථාවල මාර්ග ඔස්සේ වලලන ලද නල මේ සදහා භාවිතා කර ගනී. යම් නිවසකට ජල සැපයුමක් අවශ්‍ය වූ විට එම නලයට ෆෙරූට් වෑලයක් සවිකර එමගින් ජල ලබාදීම සිදුකෙරේ. සාමාන්‍යයෙන් අගල් 1/2 ක විශ්කම්භය සහිත නලයක් මාර්ගයෙන් නිවාස වලට ජලය සපයනු ලැබේ.  ගබඩා ටැංකිය පිළිබද සටහන සදහා වීඩියෝ දිගුව භාවිතා කරන්න.  ගබඩා ටැංකිය නළ හා උපාංග පිළීබද සටහන සදහා වීඩියෝ දිගුව භාවිතා කරන්න.  ජල නල හා උපාංග කරාම හා කප...

ඉංජිනේරු ඇදීම (Engineering Drawing) - 10

Image
නිෂ්පාදනයක් සදහා සැලසුම් දළ සටහනක් අදියි. යම් නිෂ්පාදනයක් සිදු කිරීමේදී එයට අයත් කොටස්/ උපාංග, සැලසුමකින් තොරව සිතෙන ආකාරයට නිම කිරීම නිසා මූලික හැඩයේ වෙනස්කම් ඇතිවිය හැකි අතර එයින් නිෂ්පාදන ගැටලු ඇතිවේ. නිෂ්පාදනය ඇරඹීමට ප්‍රථම ඊට අදාළ කොටස් / උපාංග හා නිමැවු‌මේ දළ සැලසුම් චිත්‍ර මිනුම් සහිතව ඇද ගැනීමෙන් හා ඊට අනුව තැනීමෙන් නිෂ්පාදන ගැටලු අවම කරගත හැකිවේ. එවිට ද්‍රව්‍ය, කාලය, ශ්‍රමය අපතේයාමට ඇති අවකාශය අවම කර ගත හැකිවේ.  යාන්ත්‍රික විෂය ක්ශේත්‍රයේ නිපදවීම සදහා ඇති වැඩ කොටස් සදහා වෙන් වෙන් වශයෙන් අදිනු ලබන නිෂ්පාදන චිත්‍ර කොටස් චිත්‍ර යනුවෙන් හැදින්වේ.  මෙසේ අදිනු ලබන කොටස් සියල්ල එකලස් කිරීම සිදු වන්නේ එක ආයතනයක් තුළදීය. එහෙයින් කොටස් චිත්‍ර එකලස් වූ පසු තිබෙන අයුරු දන්වන සැලසුම් චිත්‍ර එකලස් ච්ත්‍ර යනුවෙන් හැදින්වේ. මෙහිදී එකලස් කිරීමට අවශ්‍ය මානයන් හැර අන් කිසිදු මානයක් යෙදීම නොකරයි.  දළ සටහන් ඇදීම යන්ත්‍ර , යන්ත්‍ර කොටස්, ගොඩනැගිලි හා පාලම් වැනි දෑ ද නිදහස් අත භාවිතා කර ඇදීම සිදු වන අවස්ථා ඇත. මිනුම් සහිතව අදිනු ලබන ඒවැනි දළ සටහන් කාර්මික කටු සටහන් යනුවෙන් හදුන්වනු ලැබ...

ගෘහස්ථ ජල සම්පාදනය - 3

Image
  ගෘහස්ථ ජල සම්පාදන ක්‍රම  පිරිසිදුකරන ලද ජලය පොම්ප කිරීමෙන් හෝ ගුරුත්ව බලය ටයතේ නිවාස වලට සැපයීම සිදුකරයි. පිරිපහදු කරන ලද ජලය සේවා ටැංකි වෙත පොම්ප කිරීම සදහා ජල ගබඩා ටැංකියට රැස් කරනු ලැබේ. මෙසේ රැස් කල ජලය විශාල විදුලි බලයක් වැය කරමින් ජල පවිත්‍රාගාරයට දුරින් විවිධ ප්‍රදේශවල උස් ස්ථාන වල පිහිටුවා ඇති සේවා ජලාශ වෙත විශාල PVC  හෝ GI නල ඔස්සේ පොම්ප කර බෙදා හැරේ. එම නලය ජල බෙදාහැරීම් පද්දතීන් ඔස්සේ ගුරුත්වය යටතේ ගෙනගොස් පාරිබෝජකයන් වෙත වෙත බෙදා හරිනු ලැ‌බේ. පාරිභෝගිකයා වෙත සපයනු ලබන ජලයේ ජල සැපයුම් ශීග්‍රතාව සහ පීඩනය නිසි පරිදි පවත්වා ගත යුතුය. තවද යම් ප්‍රදේශයක් තුල ජලය බෙදාහැරීම සදහා ද ජල පීඩනයක් අවශ්‍යවේ ඒ සදහා ආරෝහණ හිස, ප්‍රවේග හිස, ගුරුත්ව ගලනය, විසර්ජන හිස යන සංකල්ප උපයෝගී වේ. ශක්තිය එක් අවස්ථාවක සිට තවත් ආකාරයකට වෙනස් කරනු විනා නැති කිරීමට හෝ විනාශ කිරීමට නොහැක. ගලා යන ජලයේ මෙම ශක්තිය තුන් ආකාරයකට පවතී . එනම්,  විභව ශක්තිය  චාලක ශක්තිය පීඩන ශක්තිය  මෙම ශක්තීන් උසක් ලෙස ප්‍රකාෂ කල විට විභව ශක්තිය ආරෝහන හිස ලෙසද , චාලක ශක්තිය ප්‍රවේග හිස ලෙසද , පීඩන ශක...

ඉංජිනේරු ඇදීම (Engineering Drawing) - 9

Image
 හරස්කඩ ඇදීම  වස්තුවක සැගි දාර බහුල වශයෙන් පවතින විට සෘජු ප්‍රක්ෂේපණ පෙනුම් ඇදීමේදී රූපයේ පරිදි කඩ රේඛා සමූහයක් එක් පෙනුමක දැකිය හැකි වේ. එවිට වැඩ කොටස හෝ වස්තුව හෝ නිෂ්පාදනය කරන්නාට එම වස්තුව පැහැදිලිව වටහා ගැනීමට අපහසුවේ. එහෙයින් නොපෙනෙන තොරතුරු පෙන්වීම සදහා හරස්කඩ පෙනුම් අදිනු ලැබේ. මෙම ඉංජිනේරු ඇදීමට වඩා පහල ආකාරයට ඇදි විට පැහැදිලි චිත්ත රූප මවාගත හැකිය  ඡේදිත පෘෂ්ඨ 45 0 ආනත සිහින් ඉරිවලින් ( Hatching )දැක්විය යුතුය. 45 0 ආනත ඉම් රේඛා ඇති විට 60 0 ආනත ඉරි මේ සදහා යොදා ගන්න. ඡේදිත එක් එක් ‌ෙකාටස් වෙන්කර හදුනා ගැනීමට එකිනෙක විරුද්ධ දිශාවට ආනත රේඛා ( Hatching ) ඇදිය යුතුය. කොටස් වෙන් වීම වඩාත් සංකීර්ණ අවස්ථාවල එකිනෙක පරතර කුඩා වනසේ සකීර්ණ කොටස්වල ආනත රේඛා යෙදිය යුතුය. අදින ලද යන්ත්‍ර කොටසක අභ්‍යන්තර කොටස් දැක්වීමට අදින ලද සැගි රේඛා ඡේදනය කළ විට පෙනෙන බැවින් ඒවා ඉම් රේඛා බවට පත්වේ. යන්ත්‍ර කොටස් වල වැරගැන්වීමට යොදා ඇති කයිරු ඡේදනය වූ විට ඒවා හරස් ආනත රේඛා වලින් අදුරු කර දක්වන්නේ නැත.  යන්ත්‍ර කොටසක් ස්ථාන දෙකකින් හෝ කීපයකින් ඡේදනය වී ඇති විට එය එකම තලයකින් ...

ගෘහස්ථ ජල සම්පාදනය - 2

Image
 ජල ප්‍රභවයකින් ජලය ලබා ගැනීම   ජලය ලබා ගත හැකි මූලාශ්‍ර ජල ප්‍රභව ලෙස හැදින්වේ. ඒවා ව්‍යාප්ත වී ඇති ස්භාවය අනුව ප්‍රධාන වශයෙන් මතුපිට ජලය හා භූගත ජලය ලෙස වර්ගීකරණය කළ හැක. මතුපිට ජලය  ශ්‍රි ලංකාවේ මතුපිට ජල ප්‍රභව , ගංගා , ඇළ දොළ , ජලාශ සහ වැව් ලෙස වර්ගීකරණය කල හැක.  භූගත ජලය  ළිං සහ නළ ළිං ලෙස ප්‍රධාන වශයෙන් වර්ගීකරණය ක හැක. තැම්පත්ව ඇති භූගත ජලය වැඩි වශයෙන් ලබා ගනුයේ නොගැඹුරු ළිං මගිනි. තද පාෂාන ඇති ප්‍රදේශ වල කුස්තුර , පැලුම් හා විවර තුළ භූගත ජලය විශාල ලෙස රදා පවතින අතර එම ජලය නළ ළිං මගින් ලබාගැනේ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ වල භූගත ජල ද්‍රොණි පීඩනයට ලක්ව පවතී. එවැනි ස්ථානවල ජලධරය දක්වා හෑරීම හේතුවෙන් ස්භාවිකවම ජලය මතුපිටට ගලා ඒම සිදුවේ. ඒවා ආටිසියානු ළිං වශයෙන් හැදින්වේ.  ඉහත දැක්වූ ජල ප්‍රභව වලට අමතරව විශාල ජල උල්පත් ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්තව පවතී.  කඨින ජලය සහ මෘදු ජලය  කඨිනත්වයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ජලයේ කැල්සියම් හා මැග්නීසියම් ලෝහ අයන පැවතීමයි. එයට හේතු වන්නේ පසේ ස්භාවය වන අතර පසට කැල්සියම් හා මැග්නීසියම් ලෝහ අයන එතකු වන...

ඉංජිනේරු ඇදීම (Engineering Drawings) - 8

Image
 සෘජු ප්‍රක්ෂේපන පෙනුම       සැලසුම් චිත්‍ර නිර්මාණයේදී වස්තුවක සැබෑ හැඩය සහ විශාලත්වය ඇක්වීම සදහා රූපීය පෙනුමක් භාවිත කළ හැකි වේ. එහි දිග පළල , උස එකවරමදැකිය හැකි වුවද වස්තුවේ පසුපස හෝ නොපෙනී ඇති තලවල තිබෙන විස්තර පැහැදිලිව තේරුම්ගත නොහැකි වේ. ඒවා සැගි දාර මගින් දැක්විය හැකි වුවද එමගින් රූපය වඩාත් සංකීර්ණවේ. එලෙස සංකීර්ණ වස්තුවක සියළු තොරතුරු දැක්වීම සදහා පැති හයේම රූප වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කල යුතු අතර එය සංකීර්ණ හා ව්‍යාකූල කාර්යයකි. එහෙයින් මේ සදහා සම්මත ක්‍රමය වන්නේ ක් එක් දිශාවෙන් වස්තුව දෙස සෘජුව බලා එහි පෙනුම සිරස් හා තිරස් තල වලට ප්‍රක්ෂේපනය කිරීමයි. එය සෘජු ප්‍රක්ෂේපනය වශයෙන් හැදින්වේ.  සෘජු ප්‍රක්ෂේපනය වර්ග කිරීම සෘජු ප්‍රක්ෂේපණය, පෙනුම් ලබා ගැනීම සදහා උපයෝගී කර ගන්නා ක්‍රමය අනුව නැවත කොටස් දෙකකට බෙදා දැක්වේ. එම ක්‍රම දෙක සහ ඒ සදහා භාවිතා වන සංකේත  මෙම මූලධර්මය සෑදී ඇති ආකාරය සෘජු ප්‍රක්ෂේපන මූලධර්මය භාවිතා කොට සැලසුම්  ච්ත්‍ර ඇදීම  පළමුු හා තෙවන කෝණ ප්‍රක්ෂේපණ ක්‍රම සංසන්දනය කිරීම  පළමු කෝණ ප්‍රක්ෂේපණය  පළමු කෝණ ස...

ගෘහස්ථ ජල සම්පාදනය - 1

Image
සීමිත සම්පතක් ලෙස ජලයේ වැදගත්කම  ලෝක ගොලයෙන් 2/3 ක් වැසී ඇත්තේ ජලයෙන් වුවද එයින් 97%ක්ම කරදිය වේ.ඉතිරියෙන් අඩකට වඩා ඇත්තේ අයිස් වන අතර මිනිස් පරිභොජනය සදහා සුදුසු වන්නේ 1.5%ක් පමණ වන අතර ඒවා ගංගා, වැව්, ඇළ දොළ , උල්පත් ලෙස පවතී.  පෘතුවිය මතුපිට වායුගෝලයේ සහ සාගරයෙහි ජලය විවිධ ආකාරයෙන් පවතී. වාෂ්ප, වලාකුළු හා වර්ෂා ජලය සාගර හා මුහුදෙහි ඇති ලවණ ජලය ලෙස භූගත ජලය ලෙස උත්තර හා දක්ෂිණ ධ්‍රැවයේ ඇති මිදුණු ජලය ලෙස ගංගා හා විල්වල ඇති ජලය ලෙස  ජීවී දේහ තුල පවත්නා ජලය ලෙස පෘතුවියේ විවිධ ආකාරයට ජල ප්‍රභවයන් පැවතුනත් පානීය ජලය ලෙස භාවිත කල හැක්කේ 0.01% ප්‍රමාණයකි.  ජල චක්‍රයේ ක්‍රියාකාරීත්වය       වර්ෂනය ලෙස පොළවට පතිත වන ජලය ස්භාවයෙන්ම පිරිසිදු වුවද වායුගෝලයේ ඇති දූවිලි හා වායු වර්ග සමග එකතු වීීීීීමෙන්  අපිරිසිවේ.  වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් කාබනික අම්ල නිපදවීම නිසා ස්භාවික වර්ෂා ජලය තරමක ආම්ලිකතාවයකින් යුක්ත වන අතරඑය pH අගය 5.6ක පමණ අගයක් ගනී.   pH අගය3ට වඩා අඩු වූ විට එය අම්ල වැස්සක් ලෙස හැදින්වේ.      මිනිස් ක්‍රියාකාර...

ඉංජිනේරු ඇදීම (Engineering Drawing ) -7

Image
 රූපීය පෙනුම  ඉංජිනේරුමය කාර්යයන් සදහා සැලසුම් චිත්‍ර ඇදීමේදී තනා නිම කිරීමට අපේක්ෂිත භාණ්ඩයේ නිපදවීම් කටයුතු සදහා අදාල තොරතුරු  දැක්වීමට අවම වශයෙන් ඉදිරිපසින් , පැත්තෙන් හා ඉහලින් සෘජුව පෙනෙන ආකාරයත් සදා නිමකල පසුු පෙනුම දැක්වෙන රූපීය පෙනුම දැක්වීමත් ඇද දැක්වීම වැදගත්වේ. යම් වස්තුවක දිග, පළල , උස යන මාන තුනම දැක්වෙන පරිදි අදින ලද රූපයක් රූපිය පෙනුමක් ලෙස දැක්විය හැකිය. ඝන වස්තු වල සැබෑ ස්වරූපය ඉදිරිපත් කිරීමටත් , එය විස්තර තවත් පුළුල්ව පෙන්වීමටත් රූපිය පෙනුම අදිනු ලැබේ. උපකරණ භාවිතයෙන් අදිනුු ලබන රූපීය පෙනුම් වර්ග කිහිපයකි.  පර්යාලෝක පෙනුම (Perspective method)  බොහෝ විට චිත්‍ර ශිල්පීන් විසින් භාවිත කරන මෙම පෙනුම ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් විචිත්‍රත්වය පෙන්වීම සදහා භාවිත කෙරේ. වස්තුවේ දිග , පළල , උස පිළිබද අනුපාතයන් ගැන අවබෝධයක් ලබා ගැනීම අසීරු වේ. තුන් ආකාරයකින් භාවිතාවේ.  එක් ලක්ෂ්‍යකින් යුත් පර්යාලෝක පෙනුම  ලක්ෂ්‍ය දෙකකනින් යුත් පර්යාලෝක පෙනුම ලක්ෂ්‍ය තුුුුුුුනකින්  යුත් පර්යාලෝක පෙනුම සමාන්තර ක්‍රමය (Parallel Method) මෙහිදී තිරස්, සිරස් ...

ශීතකරණ ක්‍රියාවලිය (තරල යන්ත්‍ර 6 කොටස)

Image
 ශිතකරණ ක්‍රියාවලිය  වීඩියෝ  ශීතකරණ ක්‍රියාවලිය ඉහත වීඩියෝව නරඹා පහත ප්‍රශ්න වලට පිළීතුරු සපයන්න. 1. ගෘහස්ථ ශීතකරණයක සිසිලන පද්ධතියේ ප්‍රධාන අවයව නම් කරන්න. 2. ගෘහස්ථ ශීතකරණයක ශීතකරණ ක්‍රියාවලිය සිදුවන අයුරු රූූූූූූපසටහනක් ඇසුරිිිින් විස්තර කරන්න. 3. ශීතකරණ භාවිතයේදී විදුලිය වැය වීම අසාමාන්‍ය ලෙස ඉහල යෑමට හේතු දක්වන්න. 

ඉංජිනේරු ඇදීම (Engineering Drawing) - 6

Image
 කේතුක ඛණ්ඩ  අභ්‍යාස  1. මහා අක්ෂ්‍ය 40mm හා සුලු අක්ෂය 20mm වූූ ඉලිප්සය ඉහත ආකාර තුනටම ඇද දක්වන්න. 2. නියාමන අක්ෂය හා නාභිය අතර දුර 30mm වූ පරාවලය නිර්මාණය කරන්න. 3. නියාමන අක්ෂය හා නාභිය අතර දුර25mmක් වූ සහ නියාමන අක්ෂයට හා නාභියට ඇති දුර අතර අනුපාතය 1ට 3ක් වූ බහුවලය නිර්මාණය කරන්න.